බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මෙච්චර කාලයක් අපි ඉවසුවා තවදුරටත් උහුලන්න අමාරුයි”

ඇමති දයාසිරි කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

• අමාත්‍යංශය මිලියන 2500ක් ඉල්ලුවා ලැබුනේ 76යි
• නිදහස් පක්ෂයට ලැබුනේ චීත්ත ඇමති රෙදි ඇමතිකම්
• පළාත් සභා ඉක්මන් කළ යුතුයි නමුත් අලුත් ක්‍රමයට පැවැත්විය යුතුයි
• ජනපති අගමැති සමග සාකච්ඡාවක් ඉල්ලලා අවුරුද්දයි තාම නෑ
• දේශපාලන ප්‍රශ්න මොනව වුණත් ජනාධිපතිවරයාට සහය දෙනවා

වත්මන් ආණ්ඩුවට වසරක් ගතවීමටත් පෙර මේ වන විට සමාජ, ආර්ථීක හා දේශපාලන අර්බුද රැසකට මුහුණදීමට සිදුව ඇත. එමෙන්ම ආණ්ඩුවේ ප්‍රධානතම පාර්ශවකරුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැළකිල්ල දැක්වීම නිසා තම පක්ෂය ආණ්ඩුව සමඟ දැඩි කළකිරීමෙන් පසුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීහූ ප්‍රස්ද්ධීයේම ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. උද්ගතව තිබෙන මෙම තත්වයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ගමන්මඟ පිළිබඳව එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා සමඟ ලංකාසර කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය : පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට හා එය එලෙස නොපැවැත්විය යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ මත දෙකක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්ද ?
පිළිතුර : පළාත් සභා මැතිවරණය කිසි ලෙසකින් වත් කල් දැමිය යුතු නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප ඉල්ලා සිටින්නේ ඒ මැතිවරණය පවත්වන ක්‍රමවේදය වෙනස් කරමින් මැතිවරණය පැවැත්විය යුතු බවයි.
ප්‍රශ්නය : මොකක්ද ඒ වෙනස් කළ යුතු ක්‍රමවේදය ?
පිළිතුර : ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා කොට්ඨාශ ක්‍රමය අපි හඳුන්වා දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා සිටින්නේ ඒ කොට්ඨාශ ක්‍රමයට පළාත් සභා මැතිවරණයත් පැවැත්විය යුතු බවයි.

ප්‍රශ්නය : පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පවත්වන්න ගියොත් ඒ සඳහා තවත් කාලයක් ගත වන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා නේද ?
පිළිතුර: නැහැ. එය අමූලික බොරුවක්. අවශ්‍ය නම් එය වහා ක්‍රියාවට නැංවිය හැකියි.

ප්‍රශ්නය : පැරණි ක්‍රමයේ ඔබ දකින අඩුපාඩු මොනවාද ?
පිළිතුර : පැරණි ක්‍රමයේ අඩුපාඩු රැසක් පැවතුණ නිසා තමයි විශාල මුදලක් වැය කරමින් කොට්ඨාශ ක්‍රමය ඇති කළේ. එහෙම නම් ඒ කොට්ඨාශ ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතුයි.
කොට්ඨාශ ක්‍රමය ක්‍රියාත්මක වීමේදී ඒ කොට්ඨාශයට වග කියන මන්ත්‍රීවරයෙක් සිටිනවා. නමුත් පැරණි ක්‍රමය යටතේ එහෙම මන්ත්‍රීවරයෙක් නැහැ.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ප්‍රශ්නය : එහෙම වුණොත් එළෙඹන පළාත්සභා මැතිවරණයට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවමද ? පොදු ජන පෙරමුණ සමඟ ඒකාබද්ධවද ?
පිළිතුර : අපි හිතනවා බොහෝ දුරට එකතු වෙලා මැතිවරණයට මුහුණ දිය යුතු බව. නමුත් ඒ වෙලාවට මතුවන තත්වය අනුව එය තීරණය කිරීමට සිදු වනවා.

ප්‍රශ්නය : පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණවරණයේදී පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විවිධ ගිවිසුම් හා එකඟතා ඇති වුණත් වත්මන් ආණ්ඩුව තුළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හිමි තැන තවමත් ලබා දී නැති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙක් තුළ මතයක් තිබෙනවා. පක්ෂයේ මහ ලේකම් ලෙස මේ සම්බන්ධව ඔබගේ ස්ථාවරය කුමක්ද ?
පිළිතුර : ඔව්. එය සම්පූර්ණ සත්‍යයක් බව කිව යුතුයි. මේ වන තෙක් අපට කිසිඳු ආකාරයක සාධාරණයක් ඉටු වී නැහැ.

ප්‍රශ්නය : වසරක් ගත වෙලත් සාධාරණයක් ඉටු වුනේ නැත්නම් මේ ගැන පක්ෂයක් ලෙස ජනාධීපති, අගමැතිතුමන්ලා සමඟ සාකච්ඡා කළේ නැද්ද ?
පිළිතුර : තවම සාකච්ඡා කළේ නැහැ.

ප්‍රශ්නය : මේ සම්බන්ධව සාකච්ඡාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලීමක් කළෙත් නැද්ද ?
පිළිතුර : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලා මේ වන විට වසරක් ගතවී තිබෙනවා. නමුත් වසරක් ගතවන තෙක් අපට සාකච්ඡාවක් ලබා දුන්නේ නැහැ. එය ඉතා අවාසනාවන්ත තත්වයක් බව කිව යුතුයි.
පසුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි තත්වයක් උදාවී තිබුනේ නැහැ. ඒ තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමගේ ඉල්ලීම මත ජනාධීපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා උපරීම ශක්තිය යොදවා වැඩ කටයුතු කළා.
මෙලෙස ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී වැඩ කළත් අපේ පක්ෂයට සිදු ව ඇති අසාධාරණකම් අඩුපාඩු හා ගැටලු සහගත තත්ත්ව ගැන සාකච්ඡා කිරීමට අපිට අවස්ථාවක් ලබා දෙන ලෙස ජනාධීපතිතුමාගෙන් මේ වන විට සිය වතාවකටත් වඩා ඉල්ලීම් කර තිබෙනවා.

ප්‍රශ්නය : ජනාධිපතිතුමා සාකච්ඡාවක් නොදුන්නත් ආණ්ඩුවේ අනෙකුත් ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට ඔබේ පක්ෂය අදහස් කළේ නැද්ද ?
පිළිතුර : බැසිල් රාජපක්ෂ මහතා සමඟ අපේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළා. නමුත් අද වන තුරු ඒ සාකච්ඡාවේ කිසිඳු ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒ වගේම අගමැතිතුමා සමඟත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එයිනුත් කිසිඳු ප්‍රතිඵලයක් ලැබිලා නැහැ.

ප්‍රශ්නය : මෙලෙස සාකච්ඡා පවත්වා විසඳා ගැනීමට උත්සහ ගන්නා ප්‍රධානතම ප්‍රශ්න මොනවද කියා ඔබතුමාට හෙළි කරන්න පුළුවන්ද ?
පිළිතුර : විසඳාගත යුතු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතර එක් ප්‍රශ්නයක් මතක් කරනවා නම් මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහළ මට්ටමේ කිසි කෙනෙක් ආණ්ඩුවේ වැඩවලට සම්බන්ධ කර ගන්නේ නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහළ මට්ටමේ මහජන නියෝජිතයින්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, අපේක්ෂකයින්, සංවිධායකවරු වැනි පිරිස් ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන දැඩි කළ කිරීමක්න් සිටිනවා. මේ අය කිසි කෙනෙකුට ආණ්ඩුවේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීමට අද මේ ආණ්ඩුව තුළ ඉඩක් ලැබෙන්නේ නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව කරන විට මෙහෙම තත්වයක් තිබුනේ නැහැ. ඉහළ සිට පහළට ප්‍රතිපාදන වෙන් කරන විට ඒ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ප්‍රතිපාදනවලින් යම් ප්‍රතිශතයක් ලබා දුන්නා. නමුත් අද ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ගම්වල සිටින අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පැත්තකට විසි කර තිබෙනවා. මේ ගැටළු මධ්‍යයේ තවදුරටත් ඉදිරිය කටයුතු කරගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්නය අද මතුවී තිබෙනවා.

ප්‍රශ්නය : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් පත්කිරීමේ තැන සිට ආණ්ඩුව ඔබේ පක්ෂයට කුඩම්මාගේ සැළකිල්ල දැක්වීමට පටන් ගත්තා යැයි මා කීවොත් ඔබ ඊට එකඟ වෙනවාද ?
පිළිතුර : ඔව්. ඇත්තටම. අපේ පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා අප තීරණය කර තිබුනේ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කිරීමටයි. නමුත් ඒ අය තෝරාගත් අයෙකුට ඒ මන්ත්‍රී ධුරය ලබා දුන්නා. එය ඒ අයගේ චොයිස් එකක් වුණත් අපෙන් ඇහුවා නම් අපි අපේ අයිතිය අනුව අදාළ පුද්ගලයා ඊට නිර්දේශ කරනවා.

ප්‍රශ්නය : මේ ආණ්ඩුවේ ඇමති තනතුරු බෙදා දුන් ආකාරය ගැන ඔබට සතුටු වෙන්න පුළුවන්ද ?
පිළිතුර : ඒ පිළිබඳවත් අපට ප්‍රශ්න තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමති තනතුරු තුනක් ලබාදීමට පොරොන්දු වුනත් ඇමති තනතුරු දෙකක් හා රාජ්‍ය අමාත්‍යාංශ තුනක් දීලා තිබෙනවා. ඒවත් වැඩක් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. චීත්ත ඇමති, රෙදි ඇමති වගේ ඒවායි. මේවා මෙලෙස එළිපිට කථා කරන්න වීම ගැන මා කණගාටු වෙනවා. මෙපමණ කාලයක් මේ සියල්ල ඉවසා දරාගෙන අපි සිටියා. නමුත් තව දුරටත් මේ තත්ත්වය උහුලන්න ඉන්න බැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අප කටයුතු කළ යුතුයි.
මේ තත්ත්වය නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉහළ කොටස අප සමඟ සිටියත් පහළ මට්ටමේ අය අපව අතහැර යා හැකියි. ඒ අය පොදු ජන පෙරමුණ සමඟවත් එක් නොවී වෙනත් කණ්ඩායම් හා පක්ෂ සමඟ එකතුවීමේ අනතුරක් තිබෙනවා. එහමෙ වුනොත් ඉදිරි මැතිවරණවලට සාර්ථකව මුහුණ දීමට නොහැකි වනු ඇති බව අගමැතිතුමාට අපි පෙන්වා දුන්නා. නමුත් ඵලක් වුනේ නැහැ.

ප්‍රශ්නය : මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීම සඳහා ආණ්ඩුවේ සිටින අනෙකුත් පාර්ශ්වයන් විසින් සැළසුම් සහගතව ගෙන යන වැඩ පිළිවෙළක් යැයි ඔබ සිතන්නේ නැද්ද?
පිළිතුර : ආණ්ඩුවේ නායකයෝ හා ප්‍රාදේශීය මට්ටමේ අය මෙය සිදු කරනවා.

ප්‍රශ්නය : නිදහස් පත්ෂයේ නායක හිටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිටින තැන ගැන ඔබට මොනවද හිතෙන්නේ ?
පිළිතුර : එතුමා අපේ පක්ෂ නායකයා. එතුමට හොඳ තැනක් ලබාදී උඩින් තැබිය යුතුයි. නමුත් වත්මන් පාලනය තුළින් එතුමට ලබාදිය යුතු කිසිවක් ලබා දී නැහැ. ඒ ගැන මම පෞද්ගලිකවම දැඩිව කණගාටු වෙනවා.

ප්‍රශ්නය : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම පොදුජන පෙරමුණ සමඟ එක්වනු ඇතැයි එහි බලාපොරොත්තුවක් තිබෙන බවක් ඔබට පෙනෙන්නට නැද්ද ?
පිළිතුර : ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මේ පක්ෂය ශක්තිමත් කරමින් අප ඉදිරියට ගෙන යා යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා ගොස් පොදු ජන පෙරමුණට එකතු වූ ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක, ජෝන් සෙනෙවිරත්න වැනි අයට අත්ව තිබෙන ඉරණම අපට පේන්න තිබෙනවා. අනාගතයේ අපේ පක්ෂය හැරදා කවුරුන් හෝ පොදු ජන පෙරමුණ සමඟ එක් වනවා නම් ඔවුන්ට අත් වන්නෙත් ඔය ඉරණමම තමයි.

ප්‍රශ්නය : ආණ්ඩුව මේ ආකාරයට තව දුරටත් කෙණෙහිලිකම් කළොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කේන්ද්‍ර කරගත් නව දේශපාලන බල වේගයක් ගොඩ නැඟීමේ බලාපොරොත්තුවක් ඔබට තිබෙනවාද ?
පිළිතුර : එය අනාගතයේ සිදුවිය යුතුව තිබෙන කාරණයක් නිසා ඒ ගැන දැන් මට කිසිවක් ප්‍රකාශ කළ නොහැකියි.

ප්‍රශ්නය : වත්මන් පාලනයට මේ වන විට වසරක් ගතව තිබෙනවා. නමුත් සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්න රැසකට අද රට තල්ලු වී තිබෙනවා. වත්මන් පාලනයේ ගෙවුණු කාල පරිච්ඡේදය දෙස ආපසු හැරී බලන විට මේ ගැන ඔබට සතුටු වෙන්න පුළුවන්ද ?
පිළිතුර : උද්ගතව තිබෙන අර්බුදවලට විසඳුම් ලබාදී රටත් ජනාතවත් යහපත් තැනකට ඔසවා තැබීමට ජනාධීපතිතුමාට ලොකු උවමනාවක් තියෙනවා. එතුමා ඒ වෙනුවෙන් කටයුතු කරනවා.
අද මේ පක්ෂ සම්බන්ධව අපට මතුව තිබෙන ප්‍රශ්න වෙනත් ඒවා වුවත් මේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම අපේත් වගකීමක් වෙනවා. ඒ වෙනුවෙන් අපි එතන සිටිය යුතුයි. මේ ආණ්ඩුව රටට ආදරය කරන ජාතිකත්වය ගැන හිතන ආණ්ඩුවක්. අද මේ උද්ගව තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රශ්ණයක් නොවේ. වෙනත් කාරණා නිසා මතු වූ ප්‍රශ්න බව කිව යුතුයි.

ප්‍රශ්නය : ඔබ රජයන් කිහිපයක හිටපු කැබිනට් ඇමතිවරයෙක්. නමුත් මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස රට වෙනුවෙන් ඔබේ සැලසුම් හා මෙහෙවර ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන සහ පහසුකම් ලැබී තිබෙනවද?

පිළිතුර : අවශ්‍ය කරන වැඩපිළවෙළ සහිතව අපි අපේ අයවැය ඉදිරිපත් කළා. ඒ අනුව මිලියන 2500 ක් අප ඉල්ලා සිටියා. එය මහ ලොකු ගණනක් නොවේ. නමුත් මිලියන 765 ක් ලැබුනා. ඒ මුදලින් තමා සියල්ල කරන්න තියෙන්නේ. ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇහැලියගොඩ ගිය ඇමති වාසුට  ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක්

Next Post

රසායන ද්‍රව්‍ය නැතිව නැඟෙනහිර කොළඹ දෛනික පීසීආර් 700කින් අඩුවෙයි

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.