අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලින් එකඟතාවය කඩ කළ මෝල් හිමියන් දැන් නිශ්පාදනය හා බෙදා හැරීමත් අඩකින් අඩු කරලා – ජනාධිපති මාධ්‍ය අංශය

by editor
සැප්තැම්බර් 11, 2021
in පුවත්
Stocks-of-rice
Share on FacebookShare on Twitter

පසුගිය දින කිහිපයේ දී මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ඔවුන්ගේ දෛනික සහල් නිෂ්පාදන සහ බෙදාහැරීම් 50% කට වැඩි ප්‍රතිශතයකින් පහත හෙළා ඇතැයි ජනාධිපති  මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම නිවේදනය නිකුත‍් කරන්නේ වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ දැනුවත්  කිරීමට බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ, ජනාධිපතිතුමා විසින් ගත් තීරණය ප්‍රකාරව වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන්, සහල් හිඟය පිළිබඳව පැතිරෙන දුර්මත දුරුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, ආණ්ඩුවෙත් අදහස පිළිබඳව රට දැනුම්වත් කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය බලතල ප්‍රකාරව “මහජන ආරක්ෂණ පනත” යටතේ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 30 නිකුත් කළ බව ඔබ දන්නවා.

ජනතාවාදී ආණ්ඩුවක වගකීම දරමින් ජනාධිපතිවරයා විසින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතුවයි මෙම තීරණයට එළැඹියේ. ජන ජීවිතය යථාවත් කිරීමට අවශ්‍ය වී, සහල් සහ සීනි ඇතුළු පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීම, ඒ පිළිබඳව සම්බන්ධීකරණය සේම පුළුල් අධීක්ෂණය වෙනුවෙන් ඊට සමගාමීව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරුණා.

ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එහිදී එය වැඩි ඡන්ද 81කින් මහජන නියෝජිතයන් අතින් සම්මත වූ බවත් රටටම දකින්න ලැබුණා.

පවතින කොවිඩ් වතාවරණය පාලනය කිරීම වෙනුවෙන් රජය දැඩි අභියෝගයක් භාරගෙන සිටිනවා. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500කට වැඩි වැය බරක් අද වන විටත් දරා තිබෙනවා.

මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන ආකාරයට පවතින තත්ත්වයට මුහුණ දෙමින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ජනතාව වෙනුවෙන් කැප වී සිටින බවයි. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණවලදී කිසිදු පාර්ශ්වයක් අගතියට පත් කරමින් කටයුතු කරන්න ජනාධිපතිතුමා කිසි විටෙකත් සූදානම් නැහැ.

සහල් පිළිබඳ ගැටලුව සියලු පාර්ශ්ව සමග සම්මුතියකට එළැඹ, විසඳීමටයි රජය මුල සිටම කටයුතු කළේ. ගොවියා, ව්‍යාපාරිකයා වගේම පාරිභෝගිකයාත් ආරක්ෂා කෙරෙන සාධාරණ ක්‍රමවේදයක් රජය අපේක්ෂා කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන පෙළේ වී මෝල් හිමියන් සමගත් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එකඟතාවන්ට එළැඹුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සේම විෂයභාර අමාත්‍යවරු ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කළා.

නමුත් එම සහතික කළ වී මිලට සාපේක්ෂව නොගැළපෙන පරිදි නාඩු සහල් කිලෝව රුපියල් 125ක්, සම්බා සහල් කිලෝව රුපියල් 150ක්, කීරි සම්බා සහල් කිලෝව රුපියල් 225ක් දක්වා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගිය අතර එමගින් පාරිභෝගිකයන් දැඩි අසරණභාවයට පත් වුණා.

පීඩාවට පත් ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම උදෙසා “මහජන ආරක්ෂණ පනත” යටතේ පූර්ණ බලතල සහිතව පත් කෙරුණු අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා  ක්‍රියාත්මක වුණේ ඉන් අනතුරුවයි.

ඒ අනුව, සම්බා සහල් කිලෝවක උපරිම මිල ලෙස රුපියල් 103ක්, නාඩු කිලෝවක් සඳහා රුපියල් 98ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 125ක්, කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 95ක් වශයෙන් එම පාලන මිල ගණන් ගැසට් කරනු ලැබුවා.

ඉන් අනතුරුව රට මේ අවස්ථාවේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිගත් ව්‍යාපාරික ප්‍රජාව, රජය අපහසුතාවයට පත් කරන්නේ නැති බවටත් එකඟව කටයුතු කරන බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ බව ඔබට මතක ඇති. නමුත් අවාසනාවකට රජය සමග වූ එකඟතා ඔවුන් වෙතින් පැහැර හැරුණා.

ඒ අතරම පසුගිය දින කිහිපය වන විට මහාපරිමාණ වී මෝල් හිමියන් විසින්  ඔවුන්ගේ දෛනික සහල්  නිෂ්පාදන සහ  බෙදාහැරීම් 50% කට වැඩි ප්‍රතිශතයකින්  පහත හෙලනු ලැබුවා.

කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් පීඩාවට පත් පාරිභෝගිකයාට මෙම තත්ත්වය දැරිය නොහැකි තරමේ අසාධාරණයක් බව සියලු දෙනා පිළිගන්නා කාරණයක්. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ වැටලීම්වලින් 2021 සැප්තැම්බර් 08 දින පමණක් ප්‍රධාන වී මෝල් හිමියන් සතු සහල් ගබඩාවලින් රජයේ පාලන මිලට සහල් කිලෝ ග්‍රෑම් 807,375ක් ලබාගෙන  සතොසට භාරදී තිබෙනවා.

මහා පරිමාණ වී මෝල් හිමියන් එකතුව සහල් මාෆියාවක් ඇතිකරන බවට චෝදනා කළ පිරිස්, වර්තමානයේ ඔවුන් රැකීමට ඉදිරිපත් වීම තුළින්ම, මේ සියලු ක්‍රියා පසුපස ඇති දේශපාලනය ඔබට පහසුවෙන් වටහා ගත හැකිවනු ඇති.

කෙසේ නමුත් සුරක්ෂිත රටක් වෙනුවෙන් ජනතාව විසින් ලබාදුන් ජනවරම සහ විශ්වාසය තහවුරු කරමින් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව තීන්දු තීරණ ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, සෞභාග්‍යමත් රටක් ගොඩනගන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.

දෙරණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකාව දුන් පළියට අපේ දරුවන්ට ෆයිසර් දෙන්න හදිසි විය යුතු නෑ!

Next Post

කොවිඩ් මරණ 11 000 පනී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.