දිනසේන රතුගමගේ –
මුලතිව් තන්නිමුරුප්පු කුරින්දි සිරිසඝබෝ විහාරයට අයත් (කුරුදුමලේ විහාරයේ) ශිලා ලිපියක පොලොවට යට වී තිබූ කොටසක් පුරා විද්‍යා නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
වවුනියාව පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයේ ගවේෂණ හා සංරක්ෂණ අංශයේ හා මුලතිව් කලාපයේ පුරාවිද්‍යා නිලධාරීන් විසින් එම ශිලා ලිපියේ කොටස සොයා ගැනීමෙන් පසුව කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නානක විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් මුලතිව් කුරුදුමලේ ප්‍රදේශයට පැමිණ එම ශිලා ලේඛනයේ කොටස පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
මීට පෙර නිධන් හොරුන් විසින් මෙම ශිලා ලිපිය කොටස් වලට කඩා බිද දැමීමෙන් පසුව කොටසක් පුරා විද්‍යා නිලධාරීන් විසින් සොයාගෙන තිබූ අතර අනෙක් කොටස කාලයත් සමග පස් වලින් වැසී ගොස් තිබූ නිසා සොයා ගැනීමට නොහැකිව තිබුණි.
මුලතිව් පුරා විද්‍යා නිලධාරීන් සදහන් කරන්නේ මෙම සෙල්ලිපිය පේලි 50 කින් පමණ සමන්විත සෙල්ලිපියක් බවත් එහි තවත් කොටස් සෙවීම සදහා ඉතිරිව ඇති බවත්ය.
මෙම ගවේෂණ කටයුතු වලදී කුරුදුමලේ විහාරාධිපති හිමියන් හා යුද හමුදාව පුරා විද්‍යා නිලධාරීන්ට විශාල සහයෝගයක් ලබා දී තිබේ.