ඉදිරි මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍රයෙහි මුද්‍රාතබා ඇති ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පත් කළ යුතු නියෝජිතයන් පිළිබඳව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මහ මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග පසුගිය 17 වැනි දා පැවති රැස්වීමේදී පළ කරන ලද එකඟත්වය අනුව කොවිඩ් වසංගත ව්‍යාප්තිය යටතේ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය සකස් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අදාළ ගැසට් පත්‍රය පහත දක්වා තිබේ.









