අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනීමරු ලීසිං සමාගමේ හිමිකරු රැකගන්න දැමූ පොලිස් ඩීල් හෙළිවන ලකුණු!

නීතිය නවාගන්න හිමිකරු ඉහළම පොලිස් නිලධාරීන් සමග කළ ගනුදෙනු ගැන බුද්ධි අංශ වාර්තා කරයි...

by editor
ජූනි 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා විසින් ජනතාවට ලබා දුන් කල්බදු සහන නොසලකා තම සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රී රෝද රථයක් බලහත්කාරයෙන්  පැහැර ගැනීම සම්බන්ධව එම සමාගමේ වගකිවයුත්තන් හමුවී කතා කරන්නට ගිය අවස්ථාවේ එම කල්බදු සමාගමේ මැරයන් විසින් පහර දී ඝාතනය කළ ලංකා ස්යං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන   ඝාතනය  පිටුපස එම කල්බදු සමාගමේ හිමිකරු සිටී දැයි සෙවීමට පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.

  • මින් පෙර පහර දීම් ගැන පොලිසිය පැමිණිලිවත් ලියාගෙන නෑ…

  • මිනී මැරුමක් සිදුවූ පසුත් හිමිකරු බේරන්න පොලිසිය ඩීල් එකක

  • සුනිල් ජයවර්ධන  මැරූ මැරයන් පාතාල කල්ලි සමගත් සම්බන්ධ බව හෙළි වෙලා

බුද්ධි අංශ වාර්තා කරන්නේ කල්බදු සමාගමට සේවය කරන වාහන පැහැරගන්නන් හා සේවකයන් මෙසේ විමසීමකින් තොරව පාරිභෝගිකයන්ට පහර දෙන්නේ එහි හිමිකරු ගේ උපදෙස් මත බවත්,  එවැනි අවස්ථාවල පහර දෙනු ලබන අයට හිමිකරුගේ රැකවරණය  ලැබෙන නිසා බවත්ය. මෙම ලීසිං සමාගම හිමිකරුට ඉහළ පොලිස් නිලධාරීන් සමග සම්බන්ධකම් ඇති බැවින් පහරකෑමට ලක්වූ පාරිභෝගිකයින්ට රටේ පොදු නීතියට අදාලව පොලිසියෙන් ලැබිය යුතු සාධාරණ රැකවරණය   ලැබී නැති බව ද බුද්ධි අංශ විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

මෙවර මරණයක් සිදුවූ බැවින් ද ඝාතනයට ලක්වූයේ සමාජයේ නිතර කථාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් වන බැවින් ද පොලීසිය ඊට අවධානය යොමු කළා මිස මෙයට පෙර මෙවැනි පහරදීම්වලට ලක්ව ඇති පුද්ගලයින්ගේ පැමිණිලි පවා පොලීසියෙන් සටහන් කර නොගන්නා බවට තොරතුරු ඇතැයි  බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ. මෙතෙක් පොලීසිය එම කල්බදු සමාගමේ හිමිකරු සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගෙන නැත්තේද ඔහු සමග ඇති ඉහළ පොලිස් සම්බන්ධකම නිසා බවද බුද්ධි අංශ සඳහන් කරයි.

සුනිල් ජයවර්ධන ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් 08 දෙනාගෙන් 06 දෙනෙක්ම කල්බදු සමාගමේ සේවකයින් බවත් සෙසු දෙදෙනා සමාගම වෙනුවෙන් වාහන පැහැර ගන්නන්  බවත් වාර්තා වේ. ඔවුන්ට රාගිරිය, මහරගම සහ අතුරුගිරියේ පාතාල කල්ලි සමග සම්බන්ධකම් ඇති බව ද හෙළි වී ඇත. ඔවුන්ගෙන් 06 දෙනෙක්ම බීමතින් සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලීසිය පැත්තෙන් කියැවෙන්නේ එම ප්‍රහාරය අහඹු ලෙස සිදුව ඇති බවකි. එහෙත් බුද්ධි අංශ පැත්තෙන් කියැවෙන්නේ සැළසුම් සහගතව එම ප්‍රහාරය එල්ලකර තිබෙන බවකි. ඊට හේතුවී ඇත්තේ මෙම සමාගම මහා බැංකුවේ ලියාපදිංචියකින් තොරව ජනතාව රවටමින් මහා බැංකුවේ පොලී අනුපාත පවා අභිබවා පොලී අයකරන බවට සුනිල් ජයවර්ධන  විසින් දිගින් දිගටම චෝදනා කිරීමය. එසේම සුනිල් ජයවර්ධන  මෙම කල්බදු සමාගමට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කර තිබීම ගැනද සුනිල් ජයවර්ධන  සම්බන්ධයෙන් එහි හිමිකරු  දැඩි වෛරයකින් සිට ඇති බව හෙළි වී තිබේ.

බුද්ධි අංශ මේ වනවිට නිරීක්ෂණය කර ඇත්තේ පොලිසිය විසින් පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළත්  ඔවුන්ව ඒ මිනී මැරුමට පෙළඹ වූ පුද්ගලයාව සුපුරුදු ලෙස තව දුරටත් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවය.

 

Tags: නවතම
Share3609Tweet43
Previous Post

වැඩිම ඡන්දදායකයෝ ගම්පහින් – දිගම පත්‍රිකාව දිගාමඩුල්ලෙන්

Next Post

නිදහස් චතුරශ්‍රයේ මරණය ගැටලු සහගතයි… පොලිසිය පුළුල් විමර්ශනයක

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.