බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස් චතුරශ්‍රයේ මරණය ගැටලු සහගතයි… පොලිසිය පුළුල් විමර්ශනයක

by editor
ජූනි 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ ඇති උද්‍යාන කොටසේ හිසට වෙඩි වැදී මිය ගොස් සිටිය දී අද (12) උදෑසන සොයාගත් හැට පස් වියැති පුද්ගලයාගේ මරණය  සිය දිවි හානිකර ගැනීමක් බව බැලූ බැල්මට සහ ලැබෙන සාක්ෂිවලින් පෙනෙන්නට තිබුණ ද එම මරණය සම්බන්ධව සැක උපදවන සිද්ධීන් ගණනාවක් මතු වන බව පොලිස් ආරංචි මාර්ග කියයි.

වෙඩි වැදුණු ගිනි අවිය සිරරට යට වී තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත.

බම්බලපිටියේ පදිංචි මිය ගිය පුද්ගලයාගේ බිරිය හා දරුවා විදේශගතව ජීවත්වෙමින් ඇත. ඔහු බණ භාවනා කරමින් ආගමානුකූළ දිවියක් ගතරමින් ඉඳ ඇත.  ඊයේ (11) මෙම පුද්ගලයා බීෆ් කේසයක්ද රැගෙන සිය සහෝදරයාගේ බම්බලපිටියේ නිවසට ගොස් ඇති බව සදහන්ය. ඔහු බ්‍රීෆ් කේසය නිවසේ තබා සවස නිවසින් පිටව ගොස් ඇත්තේ කිසිවක් සිය සහෝදරයාට නොපවසාය.

රාත්‍රී කාලයේ දී සහෝදරයාගේ ජංගම දුරකතනයට ඔහු කෙටි පණිවිඩයක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ බ්‍රීෆ් කේසය විවෘතකර එහි ඇති ලිපිය බලන ලෙසය. එය විවර කරන රහස් අංකය ද ඔහු එම කෙටි පණිවිඩය ඔස්සේ සිය සහෝදරයා අතට පත්කර තිබී ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සහෝදරයා බ්‍රීෆ් කේසය විවරකර පරීක්ෂාකර බලා ඇත. එහි තිබුණු ලිපිය කියවා බලන විට පැහැදිලි වී ඇත්තේ කොන්දේ අමාරුවක් හේතුවෙන් ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳින බවය. ඒ සඳහා ප්‍රතිකාර ගත්ත ද පලක් වී නැති බව ද එහි සදහන්කර ඇති බව කියැවේ. තමා ජීවිතයට අනතුරක් කර ගන්නා බවට ඉඟියක්ද  එම ලිපියේ සටහන්  කර ඇතැයි කියැවේ.

ඒ සමගම සහෝදරයා එම පුද්ගලයාව සොයා ඔහු යන එන තැන් පිරිස්සා ඇතත් සොයා ගැනීමට නොහැකි වූ තැන බම්බලපිටිය පොලිස් ස්ථානයට ගොස් රාත්‍රියේම  පැමිණිල්ලක් ද කර තිබේ.

සිය දිවි හානි කරගැනීමක් ගැන ඍජු සඳහනක් නොමැති වීම නිසාත්, බණ භාවනා කරමින් සිටි මෙම පුද්ගලයාට සිය දිවි හානිකර ගැනීමට ගිනි අවියක් ලැබුනේ කෙසේද යන්න ගැටලුවක් නිසාත්  මේ සම්බන්ධව දීර්ඝ පරීක්ෂණයක් කරන බව පොලිසිය පවසයි.

සියදිවි හානිකර ගන්නන් තමන් සිය දිවි හානිකරගත් ක්‍රමවේදය ගැන විශ්ලේෂණයේදී ඒ අය වැඩි දෙනෙක් සිය දිවි හානිකර ගැනීමට යොමු වන්නේ  ඔවුන්ට ඒ මානසික තත්වය තුළ පහසුවෙන් සොයා ගැනීමට   ඇති ක්‍රමයක් බවත්  මෙම පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයන් හෝ ගිනි අවි භාවිතා කරන පුද්ගලයෙක් බව මෙතෙක් අනාවරණය වී නැති බවත්, එසේ තිබියදී  ගිනි අවි භාවිතයකින් සිය දිවි හානි කරගත් බව පෙනීම ගැටළු සහගත වන බවත් එම විමර්ශන නිලධාරීහු සදහන් කරති.

Tags: නවතම
Share95Tweet43
Previous Post

මිනීමරු ලීසිං සමාගමේ හිමිකරු රැකගන්න දැමූ පොලිස් ඩීල් හෙළිවන ලකුණු!

Next Post

ශ්‍රි ලංකා සංචාරය අත්හිටුවයි… කොරෝනා බය බංග්ලාදේශ ක්‍රිකට් අවුල් කරයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.