බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනී මැරුම් නඩු 11කට වගකිවයුතු ලාංකික අපරාධකරුවන් 03ක් බැංගලෝරයේ දී ඉන්දියානු  මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අත් අඩංගුවට..

by editor
අගෝස්තු 25, 2023
in පුවත්
කසුන් කුමාර සංක (ගම්පහ) අමිල නුවන් (කඩුවෙල) රංග ප්‍රසාද් ( කොළඹ)

කසුන් කුමාර සංක (ගම්පහ) අමිල නුවන් (කඩුවෙල) රංග ප්‍රසාද් ( කොළඹ)

Share on FacebookShare on Twitter

මිනී මැරුම් 11කට     සම්බන්ධ බව කියන, නීති විරෝධීව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික අපරාධකරුවන් 03ක් සහ ඔවුන්ට ආධාර උපකාර දී රැකවරණය සැපයූ ඉන්දියානුවෙක් ඉන්දියානු  මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (23) බැංගලෝර් යෙලහන්කා හි පිටිහි මහල් නිවසක දි  අත් අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලැබුණු තොරතුරක් මත මෙම මහල් නිවාසය වටලා කළ සෝදිසි කිරීමක     දී ඔවුන් තිදෙනා නීති විරෝධී සංක්‍රමණියන් බව තහවුරු කරගෙන ඉන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

තහවුරු නොකළ මාධ්‍ය මුලින්ම වාර්තා කර තිබුණේ බැංගලෝරයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගත් බවය.

එහෙත් දෙමළ කතා කිරීමට නොහැකි මෙම පුද්ගලයන් සම්බන්ධව කළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ ඔවුන් ගම්පහ, කඩුවෙල සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රි ලාංකික අපරාධ කරුවන් තිදෙනෙක් බවය.

අත් අඩංගුවට ගෙන ඇත්තේ  ගම්පහ පදිංචි කරුවෙක් වූ කසුන් කුමාර සන්ක,  කඩුවෙල පදිංචි කරුවෙක් වූ අමිල නුවන්   සහ කොළඹ පදිංචි කරුවෙක් වූ රංග ප්‍රසාද් බව මේ පිළිබඳව වාර්තා කරන ඉන්දීය මාධ්‍ය කියයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

වයස අවුරුදු 30 සීමාවේ පසුවන මෙම පුද්ගලයින් තිදෙනාගෙන්  අමිල නුවන්ට   මිනී මැරුම් නඩු පහක්,      කසුන් කුමාර සන්ක ට මිනී මැරුම් නඩු 04ක්, කොළඹ ප්‍රදේශයේ  රංග ප්‍රසාද්ට මිනී මැරුම් නඩු 02ක් ඇති බව ඉන්දියානු  මධ්‍යම අපරාධ විමර්ශන අංශය හෙළි කරගෙන ඇත.

අගෝස්තු මස මුල් සතියේ ධීවර බෝට්ටුවකින් රාමේෂ්වරම හරහා ඉන්දියාවට රිංගාගත්  මෙම අපරාධකරුවන් ගොඩබිම මාර්ගය ඔස්සේ  බැංගලෝර් වෙත ළඟා වී ඇතැයි හෙළි වී තිබේ. නගරයේ ඔවුන්ට කුලියට ගත් මහල් නිවාසයක නවාතැන් ලබා දී ඇත්තේ මිනීමැරුම් චෝදනාවට  ලක් ව දැන් ඇප මත නිදහස් වී සිටින 42 හැවිරිදි ජායි පරමේෂ් නැමැත්තා විසිනි.

අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් අත තිබී ජංගම දුරකථන 13ක්,   ඇතුළු භාණ්ඩ 53ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

අපරාධකරුවෙකුට රැකවරණය ලබා දීම සහ සාපරාධී කුමන්ත්‍රණයකට සම්බන්ධවීම පිළිබඳ චෝදනා පිට මොවුන් තිදෙනාට රැකවරණය ලබා දුන් ජායි පරමේෂ් ද අත් අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය  යෙලහන්කා පොලිස් ස්ථානයේ නඩුවක් ද පවරා ඇත.

ඒකාබද්ධ පොලිස් කොමසාරිස් (අපරාධ) එස් ඩී ෂරණප්පා පවසා ඇත්තේ   රාමේෂ්වරම් මාර්ගය හරහා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා ශ්‍රී ලංකාවට වඩාත්ම අවශ්‍ය අපරාධකරුවන් විය හැකි බවය.

ඔවුන් ඉන්දියාවට පැමිණියේ මන්දැයි කීමට තවම කල් වැඩි බව ද ඔහු     පවසා ඇත. DH

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවෙන් පැන්න අපරාධ කරුවන් 3ක් සහ ඔවුන් සඟවාගෙන සිටි ඉන්දියානුවෙක් ඉන්දියන් ආරක්ෂක අංශ අත් අඩංගුවට…

Next Post

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 347ක් “ගල් වෙලා”… ආගිය අතක් නැති බව විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.