අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනී පෙට්ටියේ පැය 05ක් සිට නැගිට්ට ඉක්වදෝරයේ ආත්තම්මා…

by editor
ජූනි 14, 2023
in පුවත්
bella-montoya-coffin
Share on FacebookShare on Twitter

ඒමන්ති මාරඹේ  

හුස්ම  ගැනීම නතර වී තිබු  76 හැවිරිදි වියෙහි පසු වන  කාන්තාවක් මිය ගොස් ඇති  බවට  වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කර  පැය පහකට පමණ පසු මිනී පෙට්ටියක තැන්පත් කර සිටියදී  ඇයගේ  දේහයට    නැවත පණ ලැබීමේ අපුරු පුවතක් දකුණු ඇමරිකානු  රාජ්‍යයක් වන ඉක්වදෝරයෙන්   වාර් තා වේ. 

bella-montoya-coffin
 බෙල්ලා මොන්ටෝයා ගේ මිනී පෙට්ටිය…

මිය ගොස් සිට නැවත පණ ලැබූ එම කාන්තාව මේ වන විට  ඇය කලින් රෝගාතුර වීමෙන් පසු ඇතුළත් කරන ලද ඉක්වදෝරයේ  ලොස් රියෝස් පලාතේ පිහිටි මාටින් ඉකාසා රෝහලේම  දැඩි සත්කාර ඒකකය වෙත  ප්‍රතිකාර සඳහා නැවත  ඇතුළත් කර සිටී.

.අදාළ කාන්තාව රෝගාතුර තත්ත්වයෙන් ඇතුළත් කෙරුණු රෝහලේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයා විසින් එම කාන්තාව මිය ගිය බවට තහවුරු කිරීමෙන් පසුව  ඇයට නැවත  පණ ලැබීම හේතුවෙන් ඉක්වදෝරයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ඉක්වදෝරයේ ලොස් රියෝස් පළාතේ වාසය කරන බෙල්ලා මොන්ටෝයා නමැත්තිය  ඉකුත් සිකුරාදා (09දා ) උදෑසන  සිය  නිවසේදී ආඝාතය (ස්ට්‍රෝක් ) වැළඳීම හේතුවෙන් රෝහල්ගත  කර ඇති අතර  රෝහල්ගත කිරීමෙන් පසු ඇයගේ හුස්ම ගැනීම මෙන්ම හෘදය වස්තුව ස්ඵන්දනය වීමද නතර වීම නිසා  ඇය මිය ගිය බවට  එම අවස්ථාවේ රෝහලේ  රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයා  විසින් තහවුරු කර තිබේ.

බෙල්ලාගේ  සිරුර කෘත්‍රිමව නැවත පණ ගැන්වීමට වෛද්‍යවරුන් විසින් දැරූ උත්සාහයන්ද අසාර්ථක වීමෙන් පසු    ඇය  මිය ගිය අයෙකු බවට වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස්  මාධ්‍ය  පවසයි .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

.අනතුරුව මිය ගිය බවට ප්‍රකාශ වූ බෙල්ලා මොන්ටෝයාගේ දේහය  ඇයගේ නිවසෙහි මිනි පෙට්ටියක බහා  පැය හතරක් තැබීමෙන් පසු  ඇයගේ පවුලේ සාමාජිකයන්ට ප්‍රදර් ශනය කිරීම සඳහා වෙනත් ඇඳුමක් පැළඳවීමට තැත් කර ඇත.

එම අවස්ථාවේදී ඇය තදින් හුස්ම ගන්නා අයුරු පවුලේ සාමාජිකයන් විසින් නිරීක්‍ෂණය කර තිබේ. එම,අවස්ථාවේ පවුලේ සාමාජිකයන් මිනී පෙට්ටිය,වටා එක් රොක් වූ විට,ඔවුන් දැක ඇත්තේ  හුස්ම ඉහල පහල හෙලන බෙල්ලා ය .

එම මොහොතේ ඇයගේ එක් අතක් චලනය වී ඇති අතර, ඒ අවස්ථාවේම  වහා ක්‍රියාත්මක වූ පවුලේ සාමාජිකයන් හදිසි  වෛද්‍ය  ප්‍රතිකාර කන්ඩායමක් නිවසට  කැඳවා තිබේ. ඔවුන් විසින් ඇයව ගිලන් රථයකින් රෝහලට ගෙන ගොස් ඇත.

අදාල කාන්තාව කලක් තිස්සේ හර්ද රෝගයකින් පෙලෙමින් සිටි අයෙකු බව හෙලි  වී තිබේ. කෙසේ වෙතත් මේ වනවිට ඇය ඉක්වදෝරයේ  ලොස් රියෝස් පලාතේ පිහිටි මාටින් ඉකාසා රෝහලේම  දැඩි සත්කාර ඒකකය තුළ ජීවිතය සමග පොර බදමින් සිටින්නීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

INTERPOL හි රතු නිවේදන ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 07ක්! නම් ගම් විස්තර මෙන්න….

Next Post

රඹුක්කන දී  පොලිස් වෙඩි තැබීමක්… අයෙක් තුවාල ලබා රෝහලේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.