මින්නේරිය ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වන අලි 350ක් පමණ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව මේ වන විට ගල්ගමුව මහව අඹන්පොල ප්‍රදේශ ආශ්‍රිතව අලි ගහනය වැඩි වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති. රාත්‍රී හය හත වන විට පාරකට ගමන් කළ නොහැකි තරමට අලි ගම් වදින බව ඔවුහු පවසති.
ඊයේ රාත්‍රියේ මහව යද්දිගම , කෝන්වැව ආර්.ඒ.ගාමිණී රණසිංහ යන අයගේ අක්කර ගණනාවක පොල් හා කෙසෙල් වගාව සහමුලින්ම වන අලි විසින් විනාශ කර දමා ඇත.
පොල්පිතිගම පොලිසයේ පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කරන ඔහු මෙම වගාව සිදු කර ඇත්තේ ජීවන බර දරාගැනීමට දරා ගැනීමට රුකුලක් ලෙසිනි.
නමුත් ලක්ෂ හතක පමණ වියදමින් වගා කළ කෙසෙල් කැන් හටගෙන තිබූ කෙසේ ගස් 200ක් සහ පොල් පැළ 50ක් පමණ ඊයේ රාත්‍රියේ සහමුලින්ම විනාශ කර තිබුණි.







