සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වූ මිදිගම රුවන්ට අයත් බව කියන ටී 56 ගිනි අවි තුනක් මැගසින් දෙකක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරක් මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම රුවන්ගේ සමීපතමයෙකි.
පොලිසිය සදහන් කළේ මිදිගම රුවන්ගේ ඥාතියෙකුගේ නිවසේ තිබිය දී මෙම ගිනි අවි සොයා ගත් බවය. පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.







