හදිසි ප්‍රදානයක් ලෙස බංගලාදේශය අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
අර්බුදකාරී ශ්‍රී ලංකාවට ලබා දෙන මෙම ඖෂධ ආධාරයේ වටිනාකම බංග්ලාදේශයේ ටකාර් මිලියන 200 කි. ඩොලරයට සාපේක්ෂව ටකාර් එකක වටිනාකම 86.94කි. ලබා දෙන ආධාරයේ ඩොලර් වටිනාකම ලක්ෂ විසි තුනකි. රුපියල් නම් කෝටි 83කි.
මෙම ආධාර ඊයේ ( 05) නිලවශයෙන් බංගලාදේශ විදේශ අමාත්‍යාංශයේ දී බංලාදේශ විදේශ ඇමති ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් සහ සෞඛ්‍ය අමාත්‍ය සහීඩ් මලේක් විසින් බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුදර්ශන ඩී.එස්. සෙනවිරත්න වෙත නිල වශයෙන් භාර දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ඖෂධ ප්‍රදානය තුළ අත්‍යාවශ්‍ය ඖෂධ 56ක් ඇති බව සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන පැවසුවේය.
ඊයේ මුදල් ඇමතිවරයා කීවේ රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 50ක් තෙක් පහළ ඇති බවය.