පාර්ලිමේන්තු මැතිවරණ දිනය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක් දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට කළ දැනුම්දීමට අනුව එම දෙපාර්තාම්න්තුව පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන දිනය, එම දිනය ප්‍රකාශ කළ ආකාරය ඇතුළුව මැතිවරණ කටයුතු මෙතෙක් පෙළ ගැසුන ආකාරය පිළිබඳ පූර්ණ වාර්තාවක් නීතිපතිවරයාට බාරදී ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් පසුගියදා ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනෙන ලබන 4 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ මේ වාර්තාව පදනම් කරගනිමිනි.
මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බව එම පෙත්සමේ සඳහන්ව තිබිණ.
දැනට නියම කර ඇති ආකාරයට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 14 වැනිදාය.







