2024 පළමු නිල ඡන්ද ප්‍රතිඵලයම ගැටලුවක් ඇති කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කර තිබූ පළමු මුල් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ වූ පසු ඒ ගැටලුව ඉස්මතු වූයේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්දය ලෙස මුල් අවස්ථාවේ දි ප්‍රකාශයට පත් වූ ඡන්ද ප්‍රතිඵලයේ 5වන තැනට රනිල් වික්‍රමසිංහ පත් වී තිබිණි.
දිස්ත්‍රික්කයේ මුළු ලියාපදිංචි තැපැල් ඡන්ද ප්‍රමාණය 31539කි. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 32179ක් විය. අවලංගු වූ ඡන්ද සංඛ්‍යාව 640ක් වූයේය.
කියැවුන මුල් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ලැබූ ඡන්ද ප්‍රමාණය 19185කි. සමගි ජන බලවේගයේ අපෙක්ෂක සජිත් ප්‍රේමදාස ලැබු ඡන්ද ප්‍රමාණය 4,675කි. පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ ලැබූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 500කි. දිලිත් ජයවීර ලැබූ ඡන්ද ප්‍රමාණය 251කි. ජනාධිපති මෙන්ම ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව 5 වැනි තැනය.
ප්‍රතිශතය සියයට 60.83කි. අනුරගේ ජයග්‍රහණය වෙනස් වූයේ නැත.
එතනින් පහළට වෙනසක් වී තිබිණි. එහෙත් දෙවැනි වර නිවැරදි කළ ඡන්ද ප්‍රතිඵලය අනුව දෙවැනි තැනට පැමිණ තිබුනේ සජිත් ප්‍රේමදාස නොව, ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහය. ඔහු ලැබූ ඡන්ද ප්‍රමාණය 6,641කි. එය ප්‍රතිශතය 21.06කි. සජිත් ප්‍රේමදාස ලැබූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 4,675කි. එය ප්‍රතිශතයක් ලෙස 14.82කි. නාමල් රාජපක්ෂ ලැබූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 500කි. ප්‍රතිශතයක් ලෙස එය 1.59කි. දිලිත් ජයවීර ලැබූ ඡන්ද ප්‍රතිශතය ඡන්ද 251කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 0.8 කි.







