මැති සබය පැය 03යි…

මෙවර අයවැය විවාදයේ මුල්ම වරට අද (06)  පාර්ලිමේන්තු   කටයුතු  පැය තුනකට  සීමා වූයේය.   පාර්ලිමේන්තුවේ කටයුතු අද (6) පෙරවරු 9.30 ට  ආරම්භ වී දහවල් 12.30 ට පමණ අවසන් කෙරිණ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාෂණයේ නිදහස අහිමි කර ඇතැයි චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මැතිසබය  අද (6) වර්ජනය කිරීම මෙසේ පාර්ලිමේන්තු කටයුතු නිමා කිරීමට මුල් වු ප්‍රධාන හේතුව වීය.

මැතිසබයේදී   අද  විවාදයට ගැනුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය,නාගරික සංවර්ධන,හා අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය , ග්‍රාමීය නිවාස ඉදිකිරීම්  හා ගොඩනැගිලි ද්‍රව්‍ය  කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය,   සංචාරක අමාත්‍යංශය, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, වතු නිවාස හා ප්‍රජා ජල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය  යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්ය.

එම වැය ශීර්ෂ  සම්මත කිරීමෙන් අනතුරුව  සභාව හෙට  (7) දින දක්වා කල් තැබිණි.

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT