අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැච් එකෙන් බාගයක් ගිහින්… ජනිත් ලියනගේ නොවන්නට සියල්ල සුන්…

by editor
මාර්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පෙනෙන හැටියට නම් තරගය අපේ නොවේ. ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 තුළ ලකුණු 235කට සියල්ලන්ම දැවී ගොස්ය. කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තේරූ තේරීම අපූරුය.

ටස්කින් අහමඩ්…

යළි යළිත් වර්ණනා කළ යුතු අති විශිෂ්ට ක්‍රීඩාකව නිරත වුනු යොවුන් මැද පෙළ ක්‍රීඩක ජනිත‍් ලියනගේ දැවැන්තයන් එකා පිට එකා වැටෙද්දි එක් අන්තයක් රැකගෙන ලකුණු 101ක් නොදැවී  රැස් කරගත්තේය. ඔහු ඊට වැය කළේ පන්දු 101ක් පමනි. හතරේ පහර 11කි. හයේ පහර 2කි.

තරගය බංගලියන්ටම දෙන්නට හිතාගෙන පහර ක්‍රීඩා කළා දැයි හිතෙන තරම් ක්‍රිඩාව උදාසීනය.  දෙවැනි ඕවරයේ තුන්වැනි පන්දුවේ දී ටස්කින් අහමඩ් හමුවේ කඩුල්ල මුවා කළ වරදට දැවී ගිය බවට පිටියේ විනිසුරු සංඥා කරද්දි පුනරූපණයක් ලබා ගැනීමට තරම් සිහියක් අපට තිබුණේ නැත. පන්දු යවන්නාගේ අන්තයේ සිටි අවිශ්ක ප්‍රනාන්දුවත් ඒ පිළිබඳව පැතුම්ට කිව යුතුව තිබිණි. පුනරූපණය ලබා නොගෙන පැතුම් පිටියෙන් ඉවත් වී ගියේය.

මුෂ්ටෆිසුර් රහ්මාන්

පසුව පන්දු පතිත වීමේ  පුනරූපනය පෙන්වන විට පැහැදිලි වන්නේ පන්දුව පා ඉන්නෙන් ඉවතට ඇදී යන ආකාරයය. පැතුම් නිශ්ශංක 1 ලකුනට දැවි යන්නේ ඒ අයුරුනි. සුපරුදු පරිදි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 04කට දැවී යන්නේය. සධීර සමරවික්‍රම ලකුනු 14කි. කුසල් මෙන්ඩිස් ලකුනු 29කි. නායකත්වයේ ඉනිම් නැත. චරිත් අසලංකත් අවශ්‍යම අවස්ථාවක සංයමය බිඳ ගත්තේය. පා ඉන්නෙන් පිටට ඇදී යන පන්දුවට  අනවශ්‍ය පරහක් එල්ල කිරීමට ගොස් කඩුලු රකින ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් දී දැවී ගියේ.

දුනිත් වෙල්ලාලගේ යනු අප දන්නා තරමින් තරග අත් නොහරින්නෙකි. පන්දු 18කට මුහුණ දි එක් ලකුණක් පමණක් ලබාගෙන සිටි දුනිත් එල්ල කළ පළමු පහරම පට්ට ගොබ්බ එක්ක බව කිව යුතුව ඇත. ඔහු දැවී යන්නේ එක් ලකුණකටය. කවදාවත් පිතිකරණ වගකීමක් ගැන හැඟීමක් නැති වනිඳු හසරංග ලකුනු 11කට දැවී යන්නේය.  අංක 08 ලෙස පිටියට පැමිණි මහීෂ් තික්ෂණ ලකුනු 15ක් ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සියලුම බිඳවැටීම්  සමග එක් අන්තයක් රැකගෙන ලකුණු 101ක් ජනිත් ලියනගේ නොගන්නට අපේ කණ්ඩායමට සිදුවන දේ සම්බන්ධව කල්පනා කළ යුතු නැත.  මේ තණතීරුව පිතිකරණයේ තණ තිරුවකි. එය බංගලාදේශ පන්දු යවන්නෝ තමන්ගේ කරගත්හ.  අප මුලුමනින්ම ශ්‍රී   හිටියේ බංගලාදේශ   පන්දු යවන්නන් පාලනයේ ය.

ටස්කින් අහමඩ් පන්දු ඕවර 10ක් යවා ලකුණු 42ට කඩුළු 03ක්, මේදි හසන් මිරාස් පන්දු ඕවර 10ක් යවා ලකුණු 51ට කඩුළු 02ක්  මුෂ්ටෆිසුර් රහ්මාන්  ඕවර  09 ක් යවා ලකුනු 39ට කඩුලු 2ක්  සෞම්‍යා සකාර් පන්දු ඕවර 2ක් යවා ලකුණ 10ට කඩුල්ලක්, රිෂාඩ් හොසේන් පන්දු ඕවර 09ක් යවා ලකුණු 51ට කඩුල්ලක් ලැබුවේය.

තරගය අතරතුර  බංගලාදේශ පන්දු රකින්නන් තිදෙනෙක් ආබාධයට ලක් වූහ.

පිතිකරණය අපහසු නැති බවත් අවශ්‍ය ඉවසීම සහ තාක්ෂණය බවත් ජනිත් ලියනගේ පෙන්නුවේය. වල්බූත පන්දු නොයවා පරාජය වුවද ගෞරවනීය එකක් කරගැනීමේ වගකීම ශ්‍රි ලංකා කණ්ඩායමට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙමත් වාෂ්ප වීමක්… වික්ටෝරියා ජලාශයේ දිනකට ජලය ලීටර් මිලියන 6.5 ක් වාෂ්ප වෙනවලු!

Next Post

කුඩු ගසා බස් ධාවනය කළ රියදුරන් සහ කොන්දොස්තලා 08ක් පිටකොටුව සහ බැස්ටියන් මාවත බස් නැවතුම්වලදී අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.