පෙනෙන හැටියට නම් තරගය අපේ නොවේ. ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 තුළ ලකුණු 235කට සියල්ලන්ම දැවී ගොස්ය. කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තේරූ තේරීම අපූරුය.
යළි යළිත් වර්ණනා කළ යුතු අති විශිෂ්ට ක්‍රීඩාකව නිරත වුනු යොවුන් මැද පෙළ ක්‍රීඩක ජනිත් ලියනගේ දැවැන්තයන් එකා පිට එකා වැටෙද්දි එක් අන්තයක් රැකගෙන ලකුණු 101ක් නොදැවී රැස් කරගත්තේය. ඔහු ඊට වැය කළේ පන්දු 101ක් පමනි. හතරේ පහර 11කි. හයේ පහර 2කි.
තරගය බංගලියන්ටම දෙන්නට හිතාගෙන පහර ක්‍රීඩා කළා දැයි හිතෙන තරම් ක්‍රිඩාව උදාසීනය. දෙවැනි ඕවරයේ තුන්වැනි පන්දුවේ දී ටස්කින් අහමඩ් හමුවේ කඩුල්ල මුවා කළ වරදට දැවී ගිය බවට පිටියේ විනිසුරු සංඥා කරද්දි පුනරූපණයක් ලබා ගැනීමට තරම් සිහියක් අපට තිබුණේ නැත. පන්දු යවන්නාගේ අන්තයේ සිටි අවිශ්ක ප්රනාන්දුවත් ඒ පිළිබඳව පැතුම්ට කිව යුතුව තිබිණි. පුනරූපණය ලබා නොගෙන පැතුම් පිටියෙන් ඉවත් වී ගියේය.
පසුව පන්දු පතිත වීමේ පුනරූපනය පෙන්වන විට පැහැදිලි වන්නේ පන්දුව පා ඉන්නෙන් ඉවතට ඇදී යන ආකාරයය. පැතුම් නිශ්ශංක 1 ලකුනට දැවි යන්නේ ඒ අයුරුනි. සුපරුදු පරිදි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 04කට දැවී යන්නේය. සධීර සමරවික්‍රම ලකුනු 14කි. කුසල් මෙන්ඩිස් ලකුනු 29කි. නායකත්වයේ ඉනිම් නැත. චරිත් අසලංකත් අවශ්‍යම අවස්ථාවක සංයමය බිඳ ගත්තේය. පා ඉන්නෙන් පිටට ඇදී යන පන්දුවට අනවශ්‍ය පරහක් එල්ල කිරීමට ගොස් කඩුලු රකින ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් දී දැවී ගියේ.
දුනිත් වෙල්ලාලගේ යනු අප දන්නා තරමින් තරග අත් නොහරින්නෙකි. පන්දු 18කට මුහුණ දි එක් ලකුණක් පමණක් ලබාගෙන සිටි දුනිත් එල්ල කළ පළමු පහරම පට්ට ගොබ්බ එක්ක බව කිව යුතුව ඇත. ඔහු දැවී යන්නේ එක් ලකුණකටය. කවදාවත් පිතිකරණ වගකීමක් ගැන හැඟීමක් නැති වනිඳු හසරංග ලකුනු 11කට දැවී යන්නේය. අංක 08 ලෙස පිටියට පැමිණි මහීෂ් තික්ෂණ ලකුනු 15ක් ලැබුවේය.
සියලුම බිඳවැටීම් සමග එක් අන්තයක් රැකගෙන ලකුණු 101ක් ජනිත් ලියනගේ නොගන්නට අපේ කණ්ඩායමට සිදුවන දේ සම්බන්ධව කල්පනා කළ යුතු නැත. මේ තණතීරුව පිතිකරණයේ තණ තිරුවකි. එය බංගලාදේශ පන්දු යවන්නෝ තමන්ගේ කරගත්හ. අප මුලුමනින්ම ශ්‍රී හිටියේ බංගලාදේශ පන්දු යවන්නන් පාලනයේ ය.
ටස්කින් අහමඩ් පන්දු ඕවර 10ක් යවා ලකුණු 42ට කඩුළු 03ක්, මේදි හසන් මිරාස් පන්දු ඕවර 10ක් යවා ලකුණු 51ට කඩුළු 02ක් මුෂ්ටෆිසුර් රහ්මාන් ඕවර 09 ක් යවා ලකුනු 39ට කඩුලු 2ක් සෞම්‍යා සකාර් පන්දු ඕවර 2ක් යවා ලකුණ 10ට කඩුල්ලක්, රිෂාඩ් හොසේන් පන්දු ඕවර 09ක් යවා ලකුණු 51ට කඩුල්ලක් ලැබුවේය.
තරගය අතරතුර බංගලාදේශ පන්දු රකින්නන් තිදෙනෙක් ආබාධයට ලක් වූහ.
පිතිකරණය අපහසු නැති බවත් අවශ්‍ය ඉවසීම සහ තාක්ෂණය බවත් ජනිත් ලියනගේ පෙන්නුවේය. වල්බූත පන්දු නොයවා පරාජය වුවද ගෞරවනීය එකක් කරගැනීමේ වගකීම ශ්‍රි ලංකා කණ්ඩායමට තිබේ.