අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාළු ඉවත්කිරීමට ගිය අම්බන්ගොඩ ධීවරයාට මරු කැඳවූ සචිනි දුව බහුදින යාත්‍රාවේ ගෙනත් ඇත්තේ කුණු මාළු… මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මාළු කිලෝ 3000ක් විනාශ කරති…  

by editor
පෙබරවාරි 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

තැන්පත් කර තිබූ මාළු ඉවත් කිරීමට ගොස්  අම්බලන්ගොඩ ධීවරයෙකු මියගිය බහුදින යාත්‍රාවේ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ ග්‍රෑම් 3000කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට අම්බලන්ගොඩ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු  ඊයේ (10) කටයුතු කළහ.

මෙම නරක් වූ මාළු මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ අම්බලන්ගොඩ ධීවර වරාය පරිශ්‍රයේ වලදැමූ බව අම්බලන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ ආර් පාලිත   ප්‍රකාශ කළේය.

මාළු ගොඩබෑමට ගොස් ධීවරයින් රෝහල්ගත කිරීමේ සිද්ධිය සැලවීමත් සමග සාම්පල් ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ බවත් මාළු නරක් වී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබෙන බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වූ බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා   වැඩි දුරටත් සදහන් කළේය.

නරක් වූ මාළු ගෙනා සචිනි දුව බහුදින ධීවර යාත්‍රාව

බෝට්ටුවේ මාළු ගබඩාකරන ටැංකි වල අයිස් දිය වී මාළු නරක් වූ විට මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ප ඩයොක්සයිඩ් වැනි විෂ වායූන් නිශ්පාදනය වන බවද ඔහු පැහැදිලි කළේය.

පසුගිය බදාදා (07) සවස අම්බලන්ගොඩ ධීවර වරායේ  ‘සචිනි දුව’ බහුදින යාත්‍රාවේ මාළු ගොඩබාමින් සිටි ධීවරයෙකු එම බෝට්ටුවේ මාළු ගබඩාකරන ටැංකිය තුළදී සිහිසුන් වීම හේතුවෙන් බළපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේය. මියගොස් තිබුණේ නො. 14, පොකුණපාර, පරගහතොට, වතුගෙදර ලිපිනයේ පදිංචිව සිටි එච් එම් සරත් කුමාර (44) නොහොත් කොටා නැමැති අයයි. මියගිය අයගේ අවසන් කටයුතු ඊයේ (10) වතුගෙදර, තොටවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිහිසුන් වූ ධීවරයා මුදා ගැනීමට ගිය තව තවත් ධීවරයින් 10 දෙනෙකුද සිහිසුන්ව ප්‍රතිකාර සඳහා බළපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමටද කටයුතු කර තිබුණි. මෙයින් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේත් අනික් 08 දෙනා 12 වාට්ටුවේත් ප්‍රතිකාර ලබා මේ වන රෝහලින් පිටත්ව ගොස් ඇත.

මෙම බහුදින යාත්‍රාවේ අයිතිකරු ආර් පී නිහාල්   පසුගිය 07 දින සවස අම්බලන්ගොඩ ධීවර වරායේදී ප්‍රකාශ කළේ 05 දින බෝට්ටුව වරායට පැමිණි බවත් මාළු ඉවත් කර ‘වන්නෝ’ මාළු කූරි 05 ක් ඉවත් කිරීමට ධීවරයින් 07 දින බොට්ටුවේ ටැංකියට බැස්ස බවත්ය.

මෙම බෝට්ටුවේ මාළු කොපමණ තිබුණාද යන්න සහ බොට්ටුව රස්සාවේ ගියේ කවදාද යන්න පවා තමාට අමතක බවද ඔහු එදින ප්‍රකාශ කළේය.

නමුත් සාම්පල් ලබාගත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ බොට්ටුවේ ටැංකියේ තිබී නරක් වූ මාළු කිලෝ ග්‍රෑම් 3000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කල බවය. ටැංකියේ ගැටළුවක් හේතුවෙන් අයිස් දිය වී පල් වී තිබුණ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ මතය විය.

මේ අනුව මාළු නරක් වී විෂ වායු ඇති වීමේ අවදානමක් තිබූ ටැංකියට ධීවරයින් බැස්සවීමේදී බෝට්ටුවේ අයිතිකරුගේ ප්‍රකාශ බරපතල සැකයට හේතු වී තිබෙන බවද ධීවර වරායේ බොහෝ පිරිසකගේ මතය වී තිබේ.

අම්බලන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ ආර් පාලිත, අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ  ගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත   ඇතුළු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් හා පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පැවැත්වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය තරගයේ ද්විත්ව ශතකය ගත් පැතුම් ලකුණු 18කට දැවී යයි….

Next Post

දේශපාලන කැරකොප්පුවල සිට තබන විලාපවල වේදනාව තේරුම් ගත හැකියි… ඉන්දියාව සමග පැවැතියේ මර ලතෝනි දෙන අයට දැඩි ලෙස රිදුම් දෙන  තරම් ඵලදායී  රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් … විජිත කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.