බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානසික රෝගියා ගැන නොව ඔහුව නැටවූ ගුඩ්ඩන් ගැන හොයන්න…

කැලණියේ නයි නැටවූ පණික්කින් එක්ව වැනසූ රටේ මිනිස්සුන්ට තවත් එවැනි අත්දැකීම් අවශ්‍ය නැත...

by editor
ජනවාරි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

තාලිගල බරවාකුඹුර පදිංචි කොඩිතුවක්කු කංකානම්ලාගේ මහින්ද කොඩිතුවක්කු හෙවත් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව භූමිකාවක් රඟ දකවමින් රටේ ප්‍රශ්න අපට අමතක කෙරූ පුද්ගලයා සම්බන්දව දීර්ඝ විස්තරයක් මේ වනවිට අධිකරණයේ දී කියැවී ඇත.

මෙම පුද්ගලයාගේ අතීතය අධිකරණයේ දී අනාරවණය වන ආකාරයට මෙසේය. මහින්ද කොඩිතුවක්කු උපදින්නේ 1979.6.23 බරවාකුඹුරදී ය. ඉගෙනීම සඳහා විශේෂ ඇල්මක් හෝ හැකියාවක් නොතිබුණු ඔහු වර්ෂ 1995 දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයත්  අසමත් වූයේය.

අනතුරුව වර්ෂ 2011දී විවාහ වූ මෙම පුද්ගලයා වර්ෂ 2012දී අමෙරිකානු කඳවුරක නිලධාරින්ගේ නිල නිවෙසේ සුනඛයන් බැලීමට ගොස් ගොස් තිබේ. අනතුරුව බිරිය හා දරුවන් සමග  ඊජිප්තුවට ගොස් ඇත..

වසර 4ක් වීසා නැතිව සිටිමින් සුලු රැකියා කර රහසේ ජීවත් වුන මේ තැනැත්තා  අමෙරිකානු ඩොලර් 450ක දඩ මුලකට යටත් කර ඒ රටෙන් මෙරටට පිටුවහල් කළ තැනැත්තෙකි. ඔහු නිවුන් දරු දෙදෙනෙකුගේ පියෙකි.  බිරිය සහ දරුවන් මේ වනවිට ඉන්නේ ඊජිප්තුවේ බවත් කියැවිනි.

ඔහුගේ දෙමව්පියන්ගෙන් සහ ඥාතීන්ගෙන්  කටඋත්තර ලබා ගත් පසු ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම වර්ෂ 2013න් පසු ඔහු සමග කිසිම ඇසුරක් පවත්වා නැති බවය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

රටට පැමිණි පසු

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණි ඔහු විශේෂ අවසරයක් ලබාගෙන අමුත්තන් පැමිණීමේ පර්යන්තයෙන් පිටතට පැමිණ මල් මාල සහ සළු  පළඳවාගෙන ඇත.  අනතුරුව ගුවන්තොටුපල පරිශ්‍රයේ විශේෂ දේශනයක් ද පවත්වා කැළණිය පුද්ගලයෙකුගෙන් ලබා ගත් ලිමොසින් රථයකින් කැලණිය පන්සලට ගොස් තිබේ. ඒ අවස්ථාවේ දී බෞද්ධ මෙහෙණියක අතුළු කාන්තාවන් විශාල පිරිසක් මේ පුද්ගලයාට වැඳ නමස්කාර කර පිළිගෙන තිබිණි.

ඔහු පවසා ඇතේතේ  2016දී තමන් විශේෂ ඥානයක් ලැබූ බවය.  ඊජිප්තුවෙන් පිටුවල්කළ පසු කටුනායකට පැමිණ ඔහු පවසා තිබුනේ   ලංකාව පරිහානියට ලක් වීම නිසා මෙරටට පැමිණි බවය.

සැකකරු පදිංචිවී සිටියේ පන්නිපිටිය වීර මාවතේ  කුලියට ගත් නිවෙසකය. එම නිවස අයත් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ බිරියකටය. මොහුට සිටින ප්‍රධාන අනුගාමිකයන් අතර අග සව්වරුන් දෙදෙනකි.  එක් අගසව්වරයෙක්  පුණ්‍යසිරි නම්  පොලිස් සැරයන්වරයෙකි.      වෛද්‍යවරුන් දෙදෙනෙක් ද ප්‍රධාන අනුගාමික කණ්ඩායමට අයත්ය. ඔස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයෙකුත් ඒ අතර වේ. අනුගාමිකයන් 300ක්  ඔහු සරණ ගොස් ඇති බව දැනට හෙළි වී තිබේ.

මේ තැනැත්තාගේ  මුදල් පාලනය කර තිබෙන්නේ නිලන්තිකා කරුණාරත්න නැමැති තැනැත්තියකි. ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ සති දෙකක කාලයක් සඳහා ඔහු වෙනුවෙන්  ලක්ෂ 15ක් පමණ වැය වූ බවය.

මේ පුද්ගලයා විසින් යූටියුබ් නාලිකා 5ක් පවත්වාගෙන ගොස් එම නාලිකා හරහා දේශනා 180ක් සහ කෙටි දේශනා 180ක් පවත්වා තිබේ.

මේ පුද්ගලයාගේ අස්වාභාවික හැසිරීම අධිකරණය ද නිරීක්ෂණය කර තිබිණි. කෙසේ වෙතත් මේ වනවිට නීතිපතිවරයාගේ ඉල්ලීම වන්නේ ද මෙම පුද්ගලයාට දඬුවම් කිරීම නොවේ. ඔහුව අංගොඩ මානසික රෝහලට යොමු කර ප්‍රතිකාර ලබා දීමය.    ඔහුව ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ අංගොඩ මානසික රොහලේ විශේෂඥ වෛද්‍ය වාර්තාව එන තුරුය.

එමෙන්ම  අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය හා සාක්ෂි ආඥා පනතේ (ඉ) (1) වගන්ති ප්‍රකාරව විත්තිකරුට  චෝදනා ගොනු කරනු ලබන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

සිදුවන්නේ කුමක් ද?

මේ අපට පිටින් පෙනෙන හැටිය. එහෙත් මේ ක්‍රියාවලිය පසුපස වන විශේෂ සැලසුම් සහගත හැසිරීමක් පෙනෙමින් ඇත. ඊජිප්තුවේ සිට පැමිණි පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපලේ දී තමන් අවලෝකිතේශ්වර බෝධිසත්වයැයි කී පමණින් එය සමාජ කථිකාවක් හදන සිද්ධියක් බවට පත් වන්නේ නැත. යම් සැලසුමකට අදාල ප්‍රධාන  නර්තනය මේ මනෝ විකෘතිකයැයි සැක කරන පුද්ගලයා ලවා සිදුකරගෙන තිබේ.

කැලණියට නයි වැඩිය සැලසුම කුමක්දැයි අප තවම දන්නේ නැත. එය හෙළිදරව් වූයේත් නැත. පරික්ෂණ කළේත් නැත. පරීක්ෂණ කළානම්  සමහරවිට දිලිත් ජයවීරත් හිරේය.  කැලණිය පන්සලේ මහාචාර්ය ලොකු සාදුත් ඉවරය. නයි පෙන්නා ගෙන්වූ පණික්කියා රටටත් කෙළවා රටින් පැනගොස් දැන් ඇවිත් කිසිවක් සිදුනොවුන ආකාරයට පැත්තකට වී ඉන්නේය.

අවලෝකිතේෂ්වර එන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්නට නොහැකි තරම් බිහිසුණු ලෙස පීඩාවට පත්වී සිටින මොහොතකය.  කොයි මොහොතේ හෝ ජීවිත පීඩාව පුපුරා හැලී යනු ඇතැයි අපේක්ෂිත මොහොතකය.  රෝහලක බෙහෙත් පෙත්තක් නැති, දරුපැටවුන්ට බත් කටක් දෙන්නට නොහැකි, උන්ව පාසල් යවා ඉගැන්වීමට නොහැකි කාලකණ්ණි අගාධයකට ඇද වැටී ඇති මොහොතකය.  දවසකට හෝ උන්ගේ ප්‍රශ්නය අමතක කරවන මැජික් පහළ වන්නේ මේ වගේ වකවානුවලය. ඉතිහාසයේත් එසේය.  රට ආර්ථික දේශපාලනික සහ අධ්‍යාත්මික අතින් පිරිහී ගිය නුවර යුගයේ අඳුරු වකවානුවේ ද මෙවැනි ඉෂිවරුන්, දෙවි වරුන්, දේව දූතයන් බහුලවම සමාජය තුළ පහළ වූයේ ය.  ඒ සම්බන්ධව රොබට් නොක්ස් සිය කෘතියේ සදහන් කර ඇත්තේය.

එබැවින් අපට කිව යුත්තක් ඇත. මෙවැනි පිස්සු ගොබ්බයින් කෙළින සවරංවලින් බෞද්ධ දර්ශනයට සිද්ධවන හානියක් නැත.  මේ කුපාඩිකම් පසුපස ඇත්තේ වෙනත් දේශපාලන සැලසුම් බව නම් අපට අත්දැකීමෙන් කිව හැකිය.  කමකට නැති එකෙක් එය ෆේස් බුක් එකේ අමුවෙන්ම කියා තිබුණේ මෙසේය…

“ බෝධිසත්ත්ව වගේ පොඩි පොඩි දේවල් කමක් නෑ… පාස්කු වගේ ලොකු දේවල් නම් එපා…”

මහින්ද කොඩිතුවක්කු ඉන්තේරුවෙන්ම පිස්සෙක්ය. අපට අවශ්‍ය පිස්සාගේ පැටිකිරිය නොව, පිස්සා  පසුපස සිට ඔහු මෙහෙයවූ ගුඩ්ඩන් කවුද යන්න දැනගැනීමටය.     කැලණියේ නයි පනික්කියන්ගෙන් බැට කෑ     රටට තවත් එවැනි කුපාඩිකම් අවශ්‍ය නැති බව ඉතාම කාරුණිකව ලියා තබමු.

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨා විසින්  දුමින්දට දුන් ජනාධිපති සමාව අවලංගුයි… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

Next Post

රොෂන් රණසිංහ හෙට සුබ මොහොතින් අලුත් සන්ධානයක් හදයි…  සන්ධානයේ නම රට ගොඩනගන දූෂණ විරෝධී සන්ධානය”

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.