දිනසේන රතුගමගේ –
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා ඒ ගැන සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ඇතුලු පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද ( 7 ) කොළඹදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය හමුවීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානය විසින් දේශපාලනික වශයෙන් ඉදිරියේදි ගැනීමට අපේක්ෂා කරණ පියවර සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ෂාරා හුල්ටන් ( Sarah Hulton ) ව දැනුම්වත් කරණ බවද දෙමළ ජාතික සන්ධානය සදහන් කොට තිබේ.