බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් ගිය අසරණයෙකු පැහැරගත් ඇඹිලිපිටිය පොලිස් තිරිසන්නු දවස් 03ක් ඔහුව පොලිසියේ වධකාගාරයක රඳවාගෙන  දස වද දුන් හැටි 

වද විඳි අසරණයා ඇඹිලිපිටිය පොලිසියෙන් පැන විත් මානව හිමිකම් නිලධාරීන්ට කියන කතාව…

by editor
ජූලි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

  • පුරුෂ ලිංගයට නයි මිරිස් කොටලා බැඳලා… ගුද මාර්ගයේ නයි මිරිස් යුෂ යවලා… මූනේ තොල් අතපයේ නයි මිරිස් තවරලා… පෙට්‍රල් පුරවපු බෑග් එකක් ඔළුවට දාලා වහලා පහර දිලා…

  • ඥාතීන් විමසීම් කරද්දි  එහෙම කෙනෙක් ගෙනාවේ නෑ ඇඹිලිපිටිය පොලිසිය කියලා… දවස් තුනකට පස්සේ වධයට ලක් වුන පුද්ගලයා පොලිස් වධකාගාරයෙන් පැනලා හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට ඇවිත්… 

  • මෙම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති වරයාට හා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු පාර්ශව වෙත පැමිණිළි කිරීමට  හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සූදානම්

පොලිස් නිළ ඇදුමින් සැරසුන  පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු  55 හැවිරිදි පුද්ගලයෙක්  ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් සොරකමක් අනාවරණය කරගැනීමට යැයි පවසමින්  පොලීසිය තුළදී  මෙම පුද්ගලයාගේ  පුරුෂ ලිංගයේ නයි මිරිස් අඹරා බැද ගුද මාර්ගයේ හා මුඛයේ තොල් වල නයි මිරිස් යුෂ ගා දස වද දී ඇතැයි හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්.පටබැදි අද  (03) පැවසුවේය.

මෙලෙස දසවධ බන්ධනයට ලක්ව ඇත්තේ  සෙවනගල, කිරිවැව, නුගේගල යාය, කටුවන යාය ,අංක 55 යන ලිපිණයේ පදිංචි 55 වියැති දෙදරු පියෙකු වන සුසිල් විතාරණගේ නැමති අයයි.

පැහැර ගැනීම

නිල පොලිස් අත් අඩංගුවට ගැනීමට පෙර  දකුණු පළාත් දූෂණ මර්ධන ඒකකයෙන් බව පවසා පොලිස් හැදුනුම්පතක්ද පෙන්වා සිවිල් ඇදුමින් පැමිණි තිදෙනෙකු විසින් මෙම පුද්ගලයා    පාළු ස්ථානයකට රැගෙනගොස් අමානුෂික ලෙස පහරදීමෙන් පසු  ඇඹිලිපිටිය බස් නැවතුමට ගෙනත් දැමූ බවත් නිල ඇඳුම් සහිත  පොලිස් නිලධාරීන් සිවුදෙනා ඔහුව පොලිසියට රැගෙන ගොස් දස වද දී ඇත්තේ ඉන් අනතුරුව බවත් මානව හිමිකම් මධ්‍යස්ථානය පවසයි.  මෙම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති වරයාට හා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු පාර්ශව වෙත පැමිණිළි කිරීමට කටයුතු කරන බවත්, හොරකමක් අනාවරණය කර ගැනීමට කියා මෙලෙස පුද්ගලයන් පැහැරගෙන ගොස් පහරදීම දැඩි නීති විරෝධී හා පිළිකුල් සහගත ක්‍රියාවක් බවත්, හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග එල්.පටබැදි  පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ මේ හරහා සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වන බැවින් මෙවැනි සිද්ධි සම්බන්දව ගත හැකි උපරිම නීති සහාය ලබා ගැනිමට කටයුතු කරන බවය.  

සුසිල් විතාරණගේ

වධකයන්ගේ වදයට හසුවූ පුද්ගලයා කියන කතාව…

සිද්ධියට මුහුණ දුන් සුසිල් විතාරණගේ මෙලෙස සිද්ධිය විස්තර කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මම පසුගිය 28 වන දින සවස නිවස අසල තියෙන වගාවේ වැඩ කරමින් සිටියා. හවස 2.30ට පමණ සුදු පාට  කාර් රථයකින් පුද්ගලයන් සිව් දෙනෙකු ආවා. ඒ ඇවිත් ඔවුන් දකුණු පළාත් දූෂණ මර්ධන ඒකකයෙන් බව මට කියා හැදුනුම් පතක්ද පෙන්නුවා. මට විරුද්ධව පෙත්සමත් ඇවිත් තියෙනවා… ඒ සදහා ප්‍රකාශයක් ලබා ගැනීමට ඔවුන් සමගින් එන්න  කියලා මාව කාර්එකට නන්වාගෙන ගියා.

එහෙම ටිකක් දුරක් යනකොට   මේ අය ඇඹිළිපිටිය පැත්තටයි හැරෙව්වේ. මම ඇහුවා කොහෙද මේ යන්නේ කියලා. එතකොටම කාර් එකේ ගිය පුද්ගලයෙක් දඟලන්න එපා කියා ඔළුවට පිස්තෝලයක් තියලා මගේ ෂර්ට් එක ගලවලා ඇස් දෙක බැන්දා. එහෙම බැඳලා යන ගමන් දිගටම මට කුණු හරුපෙන් බැණ බැණ උඹ නිරෝශන් මහත්තයට විරුද්ධව මානව හිමිකම් ගිහින් කොරාද කිය කියා පයින් පාගමින් මාව  ඇඹිලිපිටිය කුඹුගොඩ ආර ප්‍රදේශයේ  කුඩා කැලෑබද තැනක්  වෙත රැගෙන ගිහින් මගේ ඇසි ලිහුවා.”

“ඒ වෙලාවෙ මම දැක්ක තවත් සුදු කාර් එකක් එතනට ඇවිත් තියෙනව. ඒ කාර් එකේ ආපු අය හා මේ අය මාව අරගෙන පාළු ගරාජයක් වගේ තැනකට අරන් ගිහින්  මට හොදටම ගැහුවා. ඊට පස්සෙ මාව ආයෙම කාර් එකට නංවාගෙන කුඹුගොඩ ආර   වෙළදසැලක් වෙත රැගෙනවිත් පහරදී කොළ දෙකකට මාපට ඇගිළි සළකුණු අත්සන් ලෙස අරන් 28 දිනම සවස 6.45ට විතර යළිත් එම කාර් එකෙන්ම  මාව ඇඹිළිපිටිය බස් නැවතුමේ පිටුපසට රැගෙන ආවා. ඇවිත්    මගේ අතට රුපියල් 600ක් දීලා ගෙදර පළයන් කියලා ඒ අය යන්න ගියා.”

“මම බස් නැවතුම දෙසට එන්න හදනවාත් එක්කම නිළ ඇදුම් ඇඳ ගත්ත තවත් පොලිස් නිළධාරීන් 04 දෙනෙක් ඇවිත් උඹ කොහේ යන්නද කියලා අහලා ආයේ මාව අල්ලගෙන පහර දීලා ජීප් එකක් ගෙන්නවාගෙන මාව  ඇඹිළිපිටිය පොලිසියට අරගෙන ගියා. ඒ ගෙනිහින් මාව නිරුවත් කර හොරකම් කරපු බයික් කොහොද තියෙන්නේ සල්ලි කොහෙද තියෙන්නේ කියලා අසමින් මට ගැහුවා. මම එහෙම ඒවා මා ලග නෑ කියද්දිත් මට පොලිසියේ අය ගැහුවා.

නයි මිරිස් අඹලා රහස් පෙදෙස්වලත් මූණෙත් ගෑවා…

පසුව පොලිසියේ කෙනෙක් ඉඳපන් උබට හොද වැඩක් කරන්න කියලා නයි මිරිස් අඹරලා ගෙනත් මගේ පුරුෂ ලිංගයට තියලා බැන්දා.ඊට පස්සේ නයි මිරිස් යුෂ අධෝමාර්ගයේ හා කටේ තොල් වල තැවරුවා. පසුව ඒ අය මගේ අත් දෙකත් එකට තියලා බැදලා ඒ මැදින් යකඩ පොල්ලක් දමා මාව ඔසවා මට බටයකින් හොදටම කරකව කව පහර දුන්නා.මම වේදනාවෙන් කෑ ගැහුවා. වැඩක් වුණේ නෑ. පස්සේ එක් නිළධාරියෙක් පෙට්‍රල් දමපු ෂොපින් බෑග් එකක් ගෙනත් මගේ ඔළුවට දැම්මා මුහුණ ආවරණය වන විදියට.මට හුස්ම ගන්න බැරුව මම කෑ ගැහුවා.

ගෙදරින් පුතා 29 දින මම හොයාගෙන පොලිසියට ඇවිත් ඇහුවම පොලිසියෙන් කියලා තිබුණා අපි එහෙම කෙනෙක් ගෙනාවේ නෑ කියලා. ගෙදර යන්න ඕනි නම් හොරකම් කලා කියලා පිළිගනින් කියලා පොලිසිය මට බළපෑම් කලා. මම ඒවා පිළිගත්තේ නෑ.

දිගින් දිගටම පොලිසිය මට ගැහුවා. පස්සේ මට ගුටි කන්න බැරි නිසා 30 අළුයම 2.30ට විතර මම ඇඹිලිපිටිය පොලිසියෙන් පැනලා ආවා. මොකද මම පොලිසිය ඇතුලේ දින 03කට ආසන්න කාලයක් තියාගෙන මට ගහ ගහා වධ දිදී තියාගෙන හිටිය නිසා.

වධකයන් තැබූ සලකුණු…

වධකාගාරයෙන් පැන ආවා…

මම පොලිසියෙන් පැනලා ඇවිත් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට පැමිණියා.එහිදී මාව ඔවුන් විසින් සෙවනගල පොලිසියට කතාකර බාර දුන්නා. එහිදී සෙවනගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත් කුමාර   වහා ක්‍රියාත්මක වී මට සිදු වු අසාධාරණය ගැන මගෙන් කට උත්තරයක් ලියාගෙන මාව වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට යොමු කළා” යැයි ඔහු පැවසිය.

පොලිසියෙන් පහරකෑමට ලක් වු පුද්ගලයා ප්‍රතිකාර සදහා මේ වන විට හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අප සෙවනගල පොලිසියෙන්ද විමසීමක් කළ අතර, ස්ථානාධිපති වරයා පැවසුවේ පැහැරගැනිම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ඇතුළු උසස් පොලිස් නිළධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්,පැහැරගැනිම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන අතුරු තහනමක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක්…

Next Post

2 වසරේ ඉගනුම ලබන දරුවන් 27ක් අසාත්මිකතාවයක් නිසා රෝහල්ගත කරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.