බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් කොමිසමට ආපු විදුලිබල නිලධාරීන් බබාල නෙමෙයි… ප්‍රශ්න සියල්ලටම මුල ඇමතිගේ අත්තනෝමතික හිතුවක්කාරකම! ජනක රත්නායක…

The Minister’s obduracy is more damaging than the incompetence of the Electricity Board!

by editor
ජනවාරි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජීවිතයේ තීරණාත්මක කඩඉමක්වන උසස් පෙළ විභාගය ලියන තුන් ලක්ෂ තිස් එක් දහසක් පමණ අපේ රටේ සිසුන්ට අඛණ්ඩ විදුලිය ලබා දීමට අපොහොසත් වීම ඔවුන්ගේ මූලික අයිතිවාසිතම් කඩවීමක් බවත් මේ තත්ත්වයට හේතුව විදුලි බල මණ්ඩලයේ නොහැකියාව නොව විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සභාපතිවරයා පැවසූයේ අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නැති අතර ඉතා හිතුවක්කාරී ලෙස අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් අඛණ්ඩ විදුලිය සැපයුමක් දරුවන් වෙනුවෙන් ලබා නොදෙන බවය.

කෙසේ වුවද ඊයේ (27) දිනයේද මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රෙෂණ පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා අවසර ඉල්ලා ඇති පරිදි විදුලිය කප්පාදුවකට අවසර දිය නොහැකි බව සඳහන් කළ බවත් යම් හෙයකින් එකඟ වූ පරිදි පෙබරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය අඛණ්ඩව ලබා නොදුණහොත් ඉදිරි දින දෙක තුන තුළ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා කීවේය.

එහිදි තවදුරටත් අදහස් පළ කළ මහජන උපයෝගිතා කොමිෂන් සභා සභාපතිවරයා මෙසේද පැවසීය.

“ පසුගියදා මානව හිමිකම් කොමිසමේ දී පැවැති සාකච්ඡාවේදී විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් බැංකු නියෝජිතයන් සියලු දෙනා සහභාගී වුණා.එහිදී අඩු වියදමින් විදුලිය නිපදීමට අවශ්‍ය නැප්තා සහ ෆර්නේස් (දැවි තෙල් ) අවශ්‍ය තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව සඳහන් වුණා. මේවා මිලදී ගන්නට විදුලිය බල මණ්ඩලයට මුදල් නොමැතිනම් ඉදිරියේදි සිදුවීමට නියමිත ගාස්තු සංශෝධනයෙන් පසුව මාස දෙකක් තුළ අදාළ මුදල් පියවීමේ පොරාන්දුව මත සහ රටේ සිසුන්ට සිදුවන අපහසුව සලකා අදාළ මුදල් ලබා දීමට බැංකු එකඟතාව පල කළා.“

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“එවැනි තත්තවයක් තුළ එදා හැමෝම එකඟ වුනේ ලබන පෙබරවාරි මාසයේ 17 වැනදා දක්වා අඛණ්ඩව විදුලිය ලබා දෙන්න. එදා එතනට ආපු නිලධාරීන් බබාලා නොවෙයි. හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන නිලධාරීන්. නමුත් එදා අරන් ගිය තීරණය සම්පූර්ණයෙන්ම අද කණපිට හැරිලා. “

“මේ තත්ත්වයට දේශපාලන අධිකාරිය තනිකරම වගකිව යුතුයි. මේ ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් සිසුන්ගේ මූලික අයිතිවාසිකම සපුරා ලීමට නොහැකිව තිබෙනවා.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලි පනී… ගමනාගමනය කළුතරින්  මුළුමනින්ම අවහිරයි!

Next Post

වාද්දුවේ වෙල් යායක් ගිනි ගනී…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.