ජීවිතයේ තීරණාත්මක කඩඉමක්වන උසස් පෙළ විභාගය ලියන තුන් ලක්ෂ තිස් එක් දහසක් පමණ අපේ රටේ සිසුන්ට අඛණ්ඩ විදුලිය ලබා දීමට අපොහොසත් වීම ඔවුන්ගේ මූලික අයිතිවාසිතම් කඩවීමක් බවත් මේ තත්ත්වයට හේතුව විදුලි බල මණ්ඩලයේ නොහැකියාව නොව විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සභාපතිවරයා පැවසූයේ අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නැති අතර ඉතා හිතුවක්කාරී ලෙස අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් අඛණ්ඩ විදුලිය සැපයුමක් දරුවන් වෙනුවෙන් ලබා නොදෙන බවය.
කෙසේ වුවද ඊයේ (27) දිනයේද මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රෙෂණ පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා අවසර ඉල්ලා ඇති පරිදි විදුලිය කප්පාදුවකට අවසර දිය නොහැකි බව සඳහන් කළ බවත් යම් හෙයකින් එකඟ වූ පරිදි පෙබරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය අඛණ්ඩව ලබා නොදුණහොත් ඉදිරි දින දෙක තුන තුළ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා කීවේය.
එහිදි තවදුරටත් අදහස් පළ කළ මහජන උපයෝගිතා කොමිෂන් සභා සභාපතිවරයා මෙසේද පැවසීය.
“ පසුගියදා මානව හිමිකම් කොමිසමේ දී පැවැති සාකච්ඡාවේදී විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් බැංකු නියෝජිතයන් සියලු දෙනා සහභාගී වුණා.එහිදී අඩු වියදමින් විදුලිය නිපදීමට අවශ්‍ය නැප්තා සහ ෆර්නේස් (දැවි තෙල් ) අවශ්‍ය තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව සඳහන් වුණා. මේවා මිලදී ගන්නට විදුලිය බල මණ්ඩලයට මුදල් නොමැතිනම් ඉදිරියේදි සිදුවීමට නියමිත ගාස්තු සංශෝධනයෙන් පසුව මාස දෙකක් තුළ අදාළ මුදල් පියවීමේ පොරාන්දුව මත සහ රටේ සිසුන්ට සිදුවන අපහසුව සලකා අදාළ මුදල් ලබා දීමට බැංකු එකඟතාව පල කළා.“
“එවැනි තත්තවයක් තුළ එදා හැමෝම එකඟ වුනේ ලබන පෙබරවාරි මාසයේ 17 වැනදා දක්වා අඛණ්ඩව විදුලිය ලබා දෙන්න. එදා එතනට ආපු නිලධාරීන් බබාලා නොවෙයි. හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන නිලධාරීන්. නමුත් එදා අරන් ගිය තීරණය සම්පූර්ණයෙන්ම අද කණපිට හැරිලා. “
“මේ තත්ත්වයට දේශපාලන අධිකාරිය තනිකරම වගකිව යුතුයි. මේ ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් සිසුන්ගේ මූලික අයිතිවාසිකම සපුරා ලීමට නොහැකිව තිබෙනවා.“