සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යවේදිනියගේ සැමියා පහර දී මරා දැමුවා ද?… මරණයට පෙර තද බල පහරදීමක් කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙද්දි නීතිඥ කාන්තාවගේ සැමියා රටින් පිටව ගිහින්….

by editor
ජනවාරි 4, 2025
in පුවත්
SRIYANI

02දා අළුයම 1.13ට පොලිිසය නීතිඥවරියගේ නිවසට පැමිණි අවස්ථාව... වැටී සිටි පුද්ගලයා දෙස බලා ඔවුන් ආපසු ගොස් තිබිණි....

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

දෙහිවල නීතිඥ කාන්තාවකගේ නිවසේ මිදුලෙහි බරපතල තත්ත්වයෙන් සිහි සුන්ව වැටී සිටියදී ප්‍රශ්නකාරී ආකාරයට රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය මාධ්‍යවේදිනී ශ්‍රියානිි විජේසිංහගේ සැමියා වන ජී. හේමපාල (60)ට තද බල ලෙස පහර දීමේ ලක්ෂණ පැහැදිලිව පෙනන බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒ. දයාපාල විසින් අද (04) තහවුරු කරනු ලබන අවස්ථාව වනවිට එම නීතිඥ කාන්තාවගේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී සැමියා රටින් පිටවී ඇති බව බුද්ධි තොරතුරු අනාවරණය කරයි.

ගුවන් හමුදාවේ හිටපු ගෲප් කපිතාන්වරයෙක්වන මෙම පුද්ගලයා රටින් පිටවන්නේ මිනී මැරුමක් ලෙස සැක සිතෙන සියලුම සාධක පැහැදිලිව තිබෙද්දී එය ස්වභාවික මරණයක් බව පෙන්වා යට ගැසීමට සියලුම සැලසුම් පොලිසිය සමග එක්ව සකස් කර තිබුණු බව සැක මතුවෙද්දී ය.

එමෙන්ම මෙම පුද්ගලයා රටින් පිට කිරීමටත් දෙහිවල පොලිසියේ සමබන්ධයක් තිබේද යන්න පිළිබඳව මේ වනවිට බුද්ධි අංශවල අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. සිද්ධිය මාධ්‍ය ඔස්සේ ඇවිලී යනවිට මෙම පුද්ගලයා ඊයේ (03) දහවල් රටන් පිටවී අබුඩාබි වෙත ගමන් කර ඇති අතර එය වැලැක්වීමට තබා සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ දියත් කිරීමටවත් දෙහිවල පොලිසිය කටයුතු කර තිබුණේ නැති ආකාරය විමර්ශනවල දී හෙළි දරව් වී ඇත.

එමෙන්ම මේ වනවිට බුද්ධි අංශ වෙත සිද්ධිය පිළිබඳ සීසීටීවී කැමරා කෝණ ගණනාවක ඡායාරූප ලැබී තිබේ. එම සෑම ඡායාරූපයක්ම නීතිඥවරිය සහ ඇයගේ සැමියා විසින් පොලිසියට ප්‍රකාශ කරන ලද සහ පොලිසිය අවිචාරවත්ව පිළිගෙන වින්දිතයින්ට දැන්වූ අක්‍රීය බව කියන නිවසේ සීසීටීවී කැමරාවලින් ලබා ගත් ඒවා බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

දැනට තහවුරු වෙමින් ඇති ආකාරයට විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම අභිරහස් මරණය සම්බන්ධව සම්පූර්ණ සිද්ධිය දෙහිවල පොලිසිය නොදැන ඉන්නට බැරි බවය. කුමක් හෝ හේතුවක් නිසා මග හැරීමට උත්සාහ කළ සිද්ධිය පිළිබඳ බරතල ලෙස සැකයට ලක් වූ කරුණු කීපයක් සම්බන්ධව බුද්ධි අංශවල දැඩි අවධානයට ලක් වී ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

පොලිිසිය ත්‍රී රෝද රථය රැගෙන යන අවස්ථාව… වෙලාව 01 රාත්‍රී 11.20ට පමණ….
  1.  මිය ගිය පුද්ගලයා පැමිණි බව කියන ත්‍රී රෝද රථය සම්බන්ධව ජනවාරි 1 වැනිදා රාත්‍රී 11 පමණ වනවිට දැනගෙන එම ස්ථානයට පැමිණ ත්‍රී රෝද රථය රැගෙන යෑම. ඒ අවස්ථාවේ දී අවට කිසිවක් පරීක්ෂා නොකිරීම
  2. පසුදා (02) අළුයම 1.15ට පමණ දෙහිවල නීතිඥ කාන්තාවගේ නිවසින් තම වත්තේ පුද්ගලයෙක් වැටී ඇති බවට 119 ඔස්සේ දැනුම් දුන් පසු 1.33 පමණ වනවිට දෙහිවල පොලිසියේ නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කර 1919 ගිලන් රථ සේවයට කතා කර හෝ එම පුද්ගලයා රෝහල්ගත කරනු වෙනුවට ප්‍රශ්න සහගත ලෙස පිටවී යෑම
  3. යළිත් පාන්දර 6.15ට පමණ පැමිණ ඔහුව 1919 ගිලන් රථ සේවාව හරහා කළුබෝවිල රෝහලට භාර දීම. රෝගියා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණ ද මාධ්‍ය ඔස්සේ මේ සිද්ධිය පිළිබඳව කතා කරන තුරු අදාල පුද්ගලයින්ගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර නොගැනීම.
  4. පොලිසිය පැමිණ වැටී සිටි පුද්ගලයා බලා ගිය අළුයම 1.30 සහ උදේ 6.15 අතර පැය 4කට ආසන්න කාලය තුළ මිය ගිය පුද්ගලයා ඇඳගෙන සිටි ඇඳුම් මාරු කිරීම සහ පුද්ගලයාව වතුරෙන් සෝදා තිබීම.
  5.  පොලිසිය පුන පුනා පැවසූ නීතිඥවරියගේ නිවසේ සීසීටීවී අක්‍රීය වී ඇති බවට වූ ප්‍රකාශය සිදුවන විට නිවසේ තිබිය යුතු සීසීටීවී. කැමරා කෝණවලින් ලැබුණු සමීප දර්ශන විමර්ශන නිලධාරීන් අතට පත් වී තිබීම මෙන්ම එම දර්ශනවල මිය ගිය පුද්ගලයා සිහිසුන්ව වැටී සිටින ආකාරය සම්බන්ධ ප්‍රශ්න මතු වීම.
  6.  විමර්ශන ආරම්භ වී මාධ්‍යවලින් මෙම සිද්ධිය වාර්තාවීමත් සමග දෙහිවල නීතිඥවරිගේ සැමියා රටින් පිටවී ගොස් තිබීම.
  7. මෙපමණ තොරතුරු හෙළි වෙමින් තිබියදීත් යම් බලපෑමක් මත සිරුර භූමිදාන කිරීම සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය ද අවුල් සහගත තත්ත්වයකට පත්වන ආකාරය සම්බන්ධ සැක මතුවීම.

අද අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළ කළුබෝවිල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ දයාපාල ප්‍රකාශ කළේ මිය ගිය පුද්ගලයා මරණයට පෙර දරුණු පහර කෑමකට ලක් වී ඇති බවය.
මිය ගිය පුද්ගලයාගේ මොළයේ විශේෂ තත්ත්වයක් පවතින බවත් ඒ සම්බන්ධව විද්‍යාත්මක නිගමනයකින් අනතුරුව මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කරන බවත් දැන්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණය පිළිබඳ එතෙක් විවෘත තීන්දුවක් නිකුත් කළේය.

ඒ සමගම හදිසි ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා භාවිතා කිරීමට නියපොතු කපා සීල් තබන ලෙසත් රස පරීක්ෂවරයා වෙත රුධිර සාම්පලයක් යවන ලෙසත් ඔහු නියෝග කර තිබිණි.

එමෙන්ම රෝහල්ගත කරන අවස්ථාව වනවිට මිය ගිය පුද්ගලයා ඇඳගෙන සිටි ඇඳුම් ගලවා වෙනත් ඇඳුම් අන්දවා තිබිණි. ඔහු පහරකෑමට ලක් වූ අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම්වලට සිදුවූයේ කුමක් දැයි සොයන ලෙස ද ඔහු පොලිසියට දැන්වූයේය.

එමෙන්ම ඔහු රැකියා කරන වැල්ලවත්ත ත්‍රී විල් රථ ගාලේ සිට මේ ස්ථානය දක්වා පැමිණි මාර්ගයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට මේ වනවිට විමර්ශන අංශ කටයුතු කරමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදත් වන අලියෙක් විදුලි සැර වැදී මිය යයි!

Next Post

පාතාලයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ පළමු හා දෙවැනි ජාල හඳුනාගනිමින් සිටිනවා… කරන දේ මාධ්‍යයට කියන්නේ නෑ… වැඩ බලන පොලිස්පති පවසයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.