කීර්ති ප්‍රනාන්දු –
විදේශ අමාත්‍යාංශයෙ උපදෙස් මත මාධ්‍ය ආවරණය වරාණය කර ඇති වටපිටාවක අද (26) අළුයම සිව් දෙනෙකුගෙන් යුතු ඇමෙරිකානු රාජ්‍ය දූත පිරිසක් කටුනායක ගුවන් තොටුපළ රටට පැමිණියහ .
රටේ පවතින සංකීර්ණ අර්බුදය විමසා බැලීම සඳහා පැමිණි මෙම දූත පිරිස අතර ඇමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කළාපය භාර නියෝජ්‍ය ලේකම් රොබට් කැප්‍රෝත් ( Robert Kaproth ) සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියාව භාර රාජ්‍ය ලේකම් කෙලී කේඩරින් ( Kelly Kedering ) ද ඇතුළත් වී සිටියහ .
මෙම පිරිස අද අලුයම 02.20 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
එහෙත් මෙම පැමිණීම සඳහා මාධ්‍ය ආවරණය වාරණය කර තිබිණි.