චීනය විසින් තායිවානය සිය පාලනයට නතු කරගැනීම සඳහා දැඩි ආර්ථික සම්බාධක පැනවීමට ක්රියාකාරමින් සිටින බවට වාර්තාවේ. ඒ අනුව චීනය විසින් තායිවානය චීනයට අපනයන කරනු ලබන මත්ස්‍ය නිෂ්පාදනයන්ද තහනම් කිරීමට පියවරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
චීනයේ මෙම තීරණය අනුව තායිවානයට විශාල විදේශ විනිමය ඉපයීමක් අහිමි වන අතරම එම මත්ස්‍යයින් බෝකිරීමේ නිතරව සිටි විශාල පිරිසකට සිය ආදායම් අහිමිවීයාමක්ද සිදුව ඇති බවටද වාර්තාවේ.
පසුගිය දශක කිහිපයකට සිට චීනය විශාල වශයෙන් තායිවානයෙන් මත්ස්‍යයින් ආනයන කළ අතර ඒ වටා විශාල රැකියා සංඛ්‍යාවක් නිර්මාණය වී තිබිණි. මීට අමතරව චීනය විසින් මීට සති කිහිපයකට පෙර තායිවාන අන්නාසි වලටද තහනමක් පැනවීමට පියවරගෙන තිබිණි.
චීනය විසින් තායිවානයට සිය භූමියට අයත් කොටසත් ලෙස සලකනු ලබන අතර පසුගිය කාලය පුරාම තායිවාන භූමිය අවට සිය ලබය තහවුරු කිරීමට චීනය පියවරගෙන තිබිණි. ඒ අනුව චීනය විසින් නිරන්තරයෙන්ම සිය ප්‍රහාරක යානා තායිවනයට ආසන්න ගුවන් සීමාවේ පියාසර කිරිම්ද වාර්තාවිය.
මීට අමතරව චීනය සිය යුධ නෞකාවන්ද තායිවානයට ආසන්න මුහුදු සීමාවේ ස්ථාන ගත කර තිබෙන අතර එය යම් ආකාරයට කළාපීය බල තුලනයට බලපෑමක් එල්ල කිරීමට සමත්ව ඇත.
චීනය තායිවානය තමන්ට අයත් භූමියේ කොටසක් බවට සඳහන් කළද කිසිම අවස්ථාවක තායිවානය චිනයට අයත්ව තිබූ භූමියක්ව නොතිබීමද විශේෂත්වයකි.