බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාදුරු ඔය ජලකඳ මාසයක් තිස්සේ වැඩක් නොගෙන මහමුහුදට… ජාතික අපරාධයක්! ගොවීහු කියති…

මේ ජලවිදුලි බලාගාරවලින් නිකුත් කරන ජලය... මුහුදට යවනවා හැර කළ හැකි දෙයක් නෑ.... මහවැලිය උත්තර දෙයි...

by editor
මාර්තු 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • මහවැලියට ආපු දවසෙ ඉඳන් මේ වනතුරු මෙහෙම ජල කඳක් අපතේ යනවා දැකලා නෑ… යල කන්නයට ගොවිතැන් කරන්න අපට වතුර නැති වේවි – ගොවී ජනතාව

  • යල කන්නයට අවශ්‍ය ජලය වැව් වල ගබඩා කරලා ඉවරයි… ජල විදුලි බලාගාරවලින් නිකුත් කරන මේ අමතර ජලයට කරන්න යෙදක් නෑ… මහවැලිය පෙන්වා දෙයි…

වී වගාවට මෙන්ම අනෙකුත් බෝග වගාවට ජලය අවශ්‍ය නොමැති කාලයක  මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශවලින්  මේ දක්වා  විශාල ජල කඳක් මාසයක් තිස්සේ    මහ මුහුදට ගලායන බව ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයෝ  ප්‍රකාශ කරති.

මේ වන විට 503 කලාපයේ අමුණ ඔස්සේ   මාදුරුඔය ජලාශයෙන් මෙම විශාල ජල කඳ    අපතේ හැරීම ජාතික අපරාධයක් බවද එම ගොවීහු සඳහන් කරති.

මහවැලි බී කලාපයේ වැව් 83 ක් පිහිටා තිබෙන අතර එම් වැව් වලින් වැඩි ප්‍රමාණයකින් ජලය   වාන් දමන බව ද මහවැලි බී කලාප‍යේ  ගොවීහු පෙන්වා දෙති.

නිරපරාදේ වාන් දමමින් මුහුදට ගලන මාදුරුඔය ජල කඳ…

මෙම තත්ත්වය මත ඉදිරි යල කන්නයේ තමන්ට වී වගාවට අවශ්‍ය ජලය මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශවලින්  නොලැබීලැබීමේ අවදානමක් පවතින බවද මාදුරුඔය හා පිඹුරත්තෑව ගොවි ව්‍යාපාරවල  ගොවි සංවිධාන නියෝජිතවරු   සඳහන් කරති.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ඔවුන් පවසන්නේ මෙලෙස මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශවලින් 503 අමුණ හරහා මුතුර් දක්වා ගොස් මහ මුහුදට වැටෙන ජල කඳ  ඉසෙඩ් ඩී  ප්‍රධාන ඇළට හරවා ප්‍රදේශයේ වැව් අමුණු පුරවා ලීමට කටයුතු කළහොත් තමන්ට ඉදිරි යල කන්නයට අවශ්‍ය ප්‍රමාණවත් ජල පහසුකම් ලබාගත හැකි බවය. ඉන් එම ඇලේ ස්ථාපිත කර තිබෙන ජල විදුලි බලාගාර තුන මගින් විදුලිය නිෂ්පාදනය කළ හැකි බව ද ගොවි සංවිධාන සභාපතිවරුන් පෙන්වා දෙති.

එලෙස සිදු නොකර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් හිතුමතේ මෙම මහාජල කඳ මාසයක් තිස්සේ නිරපරාදේ මහමුහුදට හරවා යැවීම ජාතික අපරාධයක් බව කියන්නේ ඒ නිසා බව මේ ගොවි නියෝජිතවරු කියති.

සරත් රාජපක්ෂ සහ ජී.ටී උපාලි….

මේ පිළිබඳ අදහස් දැක්වූ මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ   මෙලෙස කීවේය.

“අපි මේ මහවැලි ව්‍යාපාරයට ආවට පස්සෙ කිසිම දවසකක මේ වගේ මහා ජල කඳක් නිකරුණේ මහ මුහුදට ගලා ගිහින් නෑ. 503 කලාපයේ හෙක්ටයාර එක්දහස් 1200ක් වැඩි ප්‍රමාණයක් වී අස්වනු නෙළලා අවසන්. තවත් සීයට පහක් පමණ ප්‍රමාණයක් වී අස්වනු නෙළන්න තියෙනවා, මේ 503 අමුණ පිටාර ගලා ඒ වී අස්වනු නෙලා ගන්න බැරි තරමටම ජලය පිටාර ගලනවා. “

“අපි කියන්නේ ඒ එන මහා ජල කඳ ඉසෙඩ් ඩී ඇලට හරවලා ප්‍රදේශයේ වැව් අමුණු පුරවා ගන්නා ලෙසයි, ඉසෙඩ්  ඩි ඇළ හරහා විදුලි බලාගාර තුනක් තිබෙනවා. ඒ විදුලි බලාගාර තුනට මෙම ජල කඳ හැරෙව්වොත් විදුලිය නිෂ්පාදනය කිරීමේ  හැකියාවත් පවතිනවා. ඉතින් එහෙම නොකර නිකම්ම මේ මහා ජලකඳ  මහ මුහුදට ගලා යෑමට නිලධාරීන් ඉඩ සැලැස්වීම මහා අපරාධයක් විනාසයක් හැටියටයි අපි දකින්නේ.“

“ඒ නිසා අදාල බලධාරීන්ගේ අවධානය යොමු කරල මේ ජලකඳ ඉතිරි කර ගැනීමට කටයුතු කරන්න කියලා මහවැලි බී කලාපයේ ගොවීන් හැටියට අපි මහවැලි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.යැයිද සරත් රාජපක්ෂ  වැඩිදුරටත් පැවසීය.

අපරාද ජල කඳ

මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශයේ  ජලය අපතේ යෑම පිළිබඳ අදහස් දැක්වූ 503 කලාපයේ  නිල්වලා  ගොවි සංවිධානයේ  භාණ්ඩාගාරික ජී .වී උපාලි  මෙලෙස කීය.

“ මේ ඉඩෝරය කාලයක මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශයේ ජලය මුහුදට යන්නට ඉඩ හැරීම ගොවියාට වගේම කෘෂිකර්මාන්තයට කරන  බරපතළ හානියක්, ජලය කියන්නේ ගොවියාගේ රුධිරය වගේ. මේවා ආරක්ෂා කර ගත්තොත් අපිට ඉදිරි යල කන්නයට වගා කරන්න ජලය තියේවි. මහවැලි බී  කලාපයේ වැව් විශාල ප්‍රමාණයක් තියෙනවා.  අපි කියන්නේ ඒ වැව් වලට හරි මේ අපතේ යන ජලය එක් රැස් කරලා තියලා ඉදිරියේදී ප්‍රයෝජන ගන්න කියලා.“

“මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශ  වලින් ජලය අපතේ යැවීම පිළිබඳ අප මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර  කළමනාකාර  නොයෙල් ජයසිරිගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී  මෙලෙස කීවේය.

“ඉහළ ජලාශවල ජල විදුලිබලාගාර හරහා මාදුරු ඔයට   එන ජලය තමයි ඔය ආකාරයෙන් යවන්න සිදු වෙලා තියෙන්නේ.  එහෙම එන ජලයෙන්  මාදුරුඔය හා පිඹුරත්තෑව පිරිල තියෙන්නෙ. ඒ වගේම අපි යල කන්නයට අවශ්‍ය ජලය සියලුම වැව් වලට රැස් කරලා අවසන්.“

“ඒ නිසා ජල විදුලිබලාගාර වලින් මාදුරුඔයට එන ජලය රඳවා ගැනීමට වෙන විකල්පයක් නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ ඉහළ ජල   විදුලි බලාගාර වලින් එන ජලය තමයි මාදුරුඔය හා පිඹුරත්තෑව හරහා එලෙස ගලා යන්නේ.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ නෑ… පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු සාමාන්‍ය  සැත්කම් නවතී…

Next Post

ඉන්දියාව ගැන චීනයෙන් නව ප්‍රකාශයක්!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.