බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහියංගණය රෝහලේ සේවය කිරීම ජීවිත අවදානමක්… විශේෂඥ අධිකරණ වෛද්‍යවරියගෙන් පැමිණිලි කරයි!

by editor
දෙසැම්බර් 6, 2025
in පුවත්
Mahiyangana-Hopital
Share on FacebookShare on Twitter

මහියංගණය මූලික රෝහලේ වැඩ බලන විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය ගේ මෝටර් රථය රෝහල් භූමියේ නවතා තිබියදී ඊයේ (05)  එම රෝහල් සේවකයකු සහ නාඳුනන පුද්ගලයකු විසින් එය අසාමාන්‍ය ලෙස වීඩියෝ ගත කිරීමක් පිළිබඳ ව එම වෛද්‍යවරිය පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බව වාර්තා වේ.

මෙම වෛද්‍යවරිය මීට පෙරද රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විසින් හිංසනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 02 මහියංගණය පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති අතර අදාළ වෛද්‍ය අධිකාරීවරයාගේ හිතවතකු යයි පැවසෙන රෝහල් සේවකයකු විසින් මෙසේ සිය වාහනය වීඩියෝ ගත කරමින් සිටි බව වූ ආරංචියට තමන් එම ස්ථානයට  යන විට අදාළ සේවකයා වහා එතනින් අතුරුදන්ව ඇති බවටද ඇය පොලිසිය වෙත සඳහන් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයක් සම්බන්ධ ප්‍රශ්නයක් මුල් කොට ගෙන මහියංගණය රෝහලේ වැඩ බලන අධිකරණ විශේෂඥ වෛද්‍යවරිය වෙත වෛද්‍ය අධිකාරිවරයා විසින් කරන ලද පහර දීමට තැත් කිරීම සහ තර්ජනය කිරීම ඇතුළු  හිංසනයන්ට  එරෙහිව  යොමු කළ පැමිණිල්ලද මෙතෙක් විභාගයට ගෙන නොමැති බව සඳහන් වේ.

ඊයේ (5) වාහනය වීඩියෝ ගත කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ලද  ගොනු කිරීමට ඇය මහියංගණය පොලිසියට ගිය අවස්ථාවේදී පොලිසිය මෙම පැමිණිල්ල සටහන් කර ගැනීමට මැලිකමක් දක්වා ඇති අතර පසුව  මහියංගණය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර ඔහු මඟින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගෙන ඇති බවද සඳහන් වේ.

මෙම පැමිණිල්ල යොමු කර ඇය යළිත් රෝහලට පැමිණෙන අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයකු යවා ඇති  වෛද්‍ය අධිකාරීවරයා ඇයගේ නිල මුද්‍රාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයිද එය එසේ ලබා දීම ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සිදුවීම් සියල්ල සලකා බැලීමේදී තවදුරටත් මෙම රෝහල තුළ රාජකාරී කිරීම සිය ජීවිතයට අවදානම් බව දක්වමින් තමන්ට කඩිනමින් ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස වැඩ බලන විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වත ලිඛිතව ඉල්ලීමක් කිරීමටද පියවර ගෙන  ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මේ අතර සෞඛ්‍ය ආරංචි මාර්ග තදුරටත් සදහන් කරන්නේ මහියංගණය මූලික රෝහලේ වසර 10කට ආසනන් කාලයක් තිස්සේ සෙවය කරන මෙම වෛද අධිකාරිවරයාට සිය වෘත්තීය අවභාවිතාවන් සම්බන්ධයෙන් මේ වන විටත් අමාත්‍යංශ මට්ටමින් විමර්ශණයක් සිදුවෙමින් පවතින බවයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උඩරට දුම්රිය මාර්ගයේ කෝච්චියක් යන්න මාස 02කිනුත් බැරි වේවි… දුම්රිය 08ක් මග හිරවෙලා!

Next Post

ජනපති අහන සරල ප්‍රශ්නවලටවත් උත්තර දෙන්න නිලධාරීන් ලඟ දත්ත නෑ… ඉදිරි සති 02 තුළ වැඩ සැලැස්මක් නැතිව මහනුවර නිලධාරීහු නිරුත්තර වෙති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.