ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දගේ PSO නෙවිල් වන්නිආරච්චි 31 දා දක්වා රිමාන්ඩ්!

by editor
ඔක්තෝබර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ නීති විරෝධී ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.‍

ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දියත් කර ඇති නෙවිල් වන්නආරච්චිගේ අතාර්කික වත්කම් නඩුව අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබිණි.

නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමේ අත් අඩංගුවට පත් වන්න‍ෙ ඔක්තොම්බර් 02 දා  පෙරවරුවේ දී ය. කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගත් නෙවිල් වන්නආරච්චි  කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්   කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

මොකක්ද මේ නඩුව

නෙවිල් වන්නආරච්චිගේ අතාර්කික වත්කම් සම්බන්ධ විමර්ශන ආරම්භ වන්නේ  2014 වසරේ ජූලි මස 24 වන දා අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුවය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ඉන් අනතුරුව විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස 2016 වසරේ දෙසැම්බර් මස දැනුම් දුන්නත්, එම තොරතුරු නිසියාකාරව ඔහු විසින් ලබා දී තිබුණේ නැත. මෙම රජය පත්වන තෙක්, පසුගිය වසර හතක කාලයක් තිස්සේ විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම සහ ඒ සඳහා ප්‍රකාශ ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටීම ද  ඔහු මගහැර තිබිණි.

මේ වසරේ අගෝස්තු මාසයේ ඔහු යම් තොරතුරු ප්‍රමාණයක් ලබා දී තිබුණ ද එම තොරතුරු  අසම්පූර්ණ ඒවා විය. ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 03 වැනිදා   නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමට පැමිණි පසු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ මේ තත්ත්වය තුළය.

පැමිණිලිකාර පාර්ශවය පසුගිය 03 වැනිදා අධිකරණයට දන්වා සිටියේ  විමර්ශනවලට අනුව සැකකරු තමන්ගේ නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 28ක් වැඩිපුර උපයාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණයවන බවය.  ඔහු දිගින් දිගටම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගහැරිය ආකාරය ද පැමිණිල්ල අධිකරණයට දැන්වූයේය..

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඔහුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.   සැකකරු සම්බන්ධව සිදු කළ විමර්ශන අනුව ඔහු අත්පත් කරගෙන ඇති බව කියන දේපළ පිළිබඳ සවිස්තර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝගයේ ඇතුළත් විය .

ඒ අනුව අද (17) නඩුව කැඳවිනි.  අධිකරණයට ඉදිරිපත් කළ නෙවිල් වන්නආරච්චි ලබන 31 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හඳුනා ගන්න බැරි තරමට තමන්ගේ රූපය වෙනස් වූ හැටි ඉෂාරා සෙව්වන්දි කියයි…

Next Post

2024/2025 වර්ෂයේ ශ්‍රි ලංකන්  ගුවන් සමාගමේ වියදම් 15%කින් අඩු වෙලා… ඒත්    ශුද්ධ පාඩුව  රුපියල් බිලියන 8.4ක්..   

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.