ශ්රී ලංකාවේ 13 වැනි අගමැතිවරයා ලෙස අද (9) උදෑසන එළඹි සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අගමති ධුරයේ දිවුරුම් දුන්නේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣඣායනා මැද ඓතිහාසික කැලණි රජ මහා විහාරයේ දී එම දිවුරුම් දීම සිදුවිය.
අතිශය චාම් මෙන්ම ගාම්භීර එම උත්සවයට මහා සංඝරත්නය විශාල වශයෙන් වැඩම කළහ. ආගමික වතාවත් මෙහෙයවිම කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණෝ සිදුකළහ.