බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද අගමැති කරන්න ජනපතිගෙන් ඉල්ලා නෑ… සාගර කාරියවසම්

by editor
මැයි 15, 2023
in පුවත්
MAHINDA
Share on FacebookShare on Twitter

මහින්ද රාජපක්ෂ   යළි අගමැති ධුරයට පත් කිරීමට  ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්  පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද  (15)  පැවති මාධ්‍ය හමුවකදීය.

කොළඹ ආරක්ෂාව තරකර මහින්ද රාජපක්ෂ යළි අගමැති ධූරයට පත්වන බවට මේ දිනවල පැතිර යන ආරංචිය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

හොර රහසේ බලහත්කාරයෙන් හමුදා යොදවා මහින්ද රාජපක්ෂ මහතා= අගමැතිධූරයට පත් නොකරන බවත් එතුමාව  එම තනතුරට පත්කරනුයේ ජනතාවගේ ආශිර්වාදය මැද්දේ බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.05.15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ පොදු ජන පෙරමුණු ලේකම්වරයා මෙසේද පැවසීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත අගමැති කරන්නට උත්සහයක් දරනවා, ඒ අනුව කොළඹ නගරය පුරා හමුදාව ස්ථානගත කරලා තියෙනවා කියන සම්පූර්ණ පදනම් විරහිත කතාවක් සමාජයේ පතුරවමින් හරිනවා. මම හිතන්නේ  මේ වගේ කතාවක් සමාජයට පතුරවන්නේ මේ අවස්ථාව වන කොට දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච පුද්ගලයින්. මේ වගේ  කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත හා ජනතාවට මුදාහරිමින් ඔවුන්ගේ බංකොලොත්භාවය වහගන්න කිසියම් හෝ මාධ්‍ය අවකාශයක් ලබාගන්න හදනවා කියන කාරණය තමයි අපිට පේන්නේ. නමුත් අපි ඉතා පැහැදිලිව කියනවා  මහින්ද රාජපක්ෂ කියන්නේ  මේ රටේ නිදසහසින් පසු බිහිවෙච්ච  ශ්‍රේෂ්ඨතම නායකයා.  ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරු 04 ට ඉවර කරගන්න බැරි වුණු යුද්ධයක්  නිමා කරලා වසර 30ක යුද්ධයක් අවසන් කළ නායකයා තමයි මහින්ද රාජපක්ෂ. එතුමාගේ භාෂාවෙන්  කියනවා නම්  එතුමා ජනතාව වෙනුවෙන් බලය ලබාගන්නත් භය  නෑ. ඒ වගේම ජනතාව වෙනුවෙන්  බලය අතහරින්නත් හැකියාව තියෙන නායකයෙක්. ඒ වගේ නායකයෙක් අපි කවදාවත් හොර රහසේ බලහත්කාරයෙන් හමුදාව ගෙනල්ලා දාගෙන මේ රටේ තනතුරකට  පත් කරන්නේ නෑ. එතුමාව  තනතුරට පත්කරනවානම්  අපි අනිවාර්යෙන් අපි එතුමාව ඒ තනතුරට ගේන්නේ මේ රටේ ජනතාවගේ ආශිර්වාදය මැද්දේ මිසක් මේ රටේ  ජනතාවට හොර රහසේ හමුදාවන් දාගෙන එවැනි තනතුරකට ගේන්න කටයුතු කරන්නේ නෑ.  ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරට පත්කරනවා කියන කාරණය  සම්පූර්ණ අසත්‍ය  කාරණයක් බව පළමුවෙන්ම කියන්න ඕන. මේ තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහගන්න මාතෘකා නැති දේශපාලඥයන් විසින් සමාජගත කරන  බොරුවක් මිසක්, සත්‍යතාවක් තියෙන කාරණයක්  නොවේ.

ආණ්ඩුකාරවරු සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පලකරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට. එතුමාට ජනාධිපතිධූරය ලබාදීමේදී අපි එතුමාට  මේ රට කරගෙන යන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන්න එකඟ වුණාට අපි කිසියම් කෙනෙකු  ඉවත් කරන්න හෝ පත් කරන්න ඕන කියලා  විවිධ කොන්දේසි දැම්මේ  නෑ. ඒ ආණ්ඩුකාරවරු  පත් කිරීමේ සහ ඉවත් කිරීමේ අයිතිය එතුමා සතුයි. බලය කිසිදු ආකාරයකට අභියෝගයකට ලක්කරන්නත්  අපි උත්සුක වෙන්නේ නෑ. ඒ අනුව  ආණ්ඩුකාරවරුන්  ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී  මේ පැතිරෙන කතාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේ පක්ෂයේ සම්බන්ධයක් නැති බව අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තවාදය ඕනෑම රටකට අවදානමක් ! ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්

Next Post

උතුරේ බොක්සිං ශූරයෝ රට රනින් සරසති….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.