ලන්ඩනයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පසුගිය මාර්තු මාසයේදී එල්ල වූ ප්‍රහාරය කිසිසේත්ම නිවැරදි දෙයක් නොවන අතර ඒ පිළිබඳව ඔවුන්ගේ කෝපය වැටහෙන බවත් අන්තවාදය ඕනෑම රටකට අවදානමක් ගෙන දෙන කාරණාවක් බවත්, ඛලිස්ථාන් ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියාවේ එක්සත් රාජධානියේ මහකොමසාරිස් ඇලෙක්ස් එලිස් පැවසීය.
මේ වසරේ මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ ඛලිස්තාන් ආධාරකරුවන් ලන්ඩනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට හානි කළහ. ලන්ඩනයේ ඛලිස්තාන් හිතවාදී විරෝධතාකරුවෙකු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ බැල්කනියට නැග ඉන්දීය ධජය ඇද දමා තිබේ. එම සිදුවීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි ලෙස පැතිර ගොස් තිබිණි.
අන්තවාදය දෙස බලන්නේ එක් විශේෂ පුද්ගල කණ්ඩායමක් ලෙසින් නොව සමස්තයක් ලෙසින් බව ද අන්තවාදය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉතා පුළුල් මෙවලම් කට්ටලයක් තිබෙන බව ද මහකොමසාරිස්වරයා සඳහන් කළේය.
“අන්තවාදය සම්බන්ධයෙන් සහ විශේෂයෙන් ඛලිස්තාන් ප්‍රශ්නය සම්බන්ධයෙන්,ලන්ඩනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු වූ දෙය කිසිසේත්ම හරි නැති බව මතභේදයක් නොමැතිව මම විශ්වාස කරනවා..”
ඔහු වැඩිදුරටත් පැවසුවේ අන්තවාදය සමඟ කටයුතු කිරීමේදී අත්අඩංගුවට ගැනීම් හා අපරාධ නඩු පැවරීම කළ හැකි නමුත් වැරදි තොරතුරු සමඟ නිවැරදි පුද්ගලයින් අපහසුතාවයට පත්වීමේ ඉඩකඩ වැඩි බවයි.