සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහාචාර්ය වජිර දිසානායක වෛද්‍ය විද්‍යාල සභාවේ රෙජිස්ට්‍රාර් තනතුර යළිත් තමාට දෙන්නැයි ඉල්ලන්න ඇමති හමුවෙලා…

by editor
ජූනි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ රෙජිසට්‍රාර් ලෙස සෞඛ්‍ය ඇමතිවරයා විසින් පසුගියදා පත් කළ මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ පත්වීම අක්‍රමවත් එකක් බවත්, රෙජිස්ට්‍රාවරයා පත් කරනු ලබන්නේ දැනට සේවයේ සිටින සභාපතිවරුන් අතරින් බවත් දන්වමින් තමන්ට එම තනතුර යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නට එම තනතුර අපේක්ෂාවෙන් සිටි කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපත් මහාචාර්ය වජිර දිසානායක සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවී ඇතැයි වාර්තා වේ.

ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  සමග ගොස් ඇමතිවරයා හමුවී ඇතැයි ද එහිදී ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔහු විසින් කළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙස යැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ වනවිට මහාචාර්ය වජිර දිසානායක තමන්ට එම තනතුර ලබා දෙන ලෙස කළ ඉල්ලීම සහිත ලිපිය සෞඛ්‍ය ඇමතිවරයා වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් සිය හිතවත් වෘත්තිකයින් පිරිසක් අමතමින් වට්ස් ඇප් පණිවිඩයක් නිකුත් කර ඇති මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කවුන්සිලයේ වාරය 2025 මාර්තු 28 වන දින අවසන් වූ අතර,  එම තනතුරට යළි තමන්ව පත් කිරීම  සාමාන්‍ය දෙයක් ලෙස අපේක්ෂා කළ බවය. තනතුර දැරීමට ඇති එකම සුදුස්සා තමන් බව ද එම පණිවිඩය හරහා ඔහු ප්‍රකාශ කර තිබේ.

2025 මැයි 19 වන දින, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ශ්‍රි ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ රෙජිස්ට්‍රාර් ලෙස පත් කිරීම අක්‍රමවත් වන්නේ කෙසේ දැයි මහාචාර්ය වජිර දිසානායක දීර්ඝ ලෙස විස්තර කරමින් සිය කණ්ඩායමට යැවූ පණිවිඩයේ දැක්වෙන්නේ දැනට සේවය කරන සභාපති මහාචාර්යවරුන් අතරින් රෙජිස්ට්‍රාර්වරයා පත් කළ යුතු බවත්  වයස අවරුදු 67ක් වූ කොළඹ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරිය එම තනතුරට පත් කිරීම රජයේ චක්‍රලේඛනවලට පවා පටහැනි බවත්ය.  අමාත්‍යවරයාට පවා එවැනි පත් කිරීමක් කළ නොහැකි යැයි ඔහු අවධාරණය කරයි.

තමන්ට පෙර සිටි රෙජිස්ට්‍රාවරයා හැර මින් පෙර සිටි සෑම රෙජිස්ට්‍රාවරයෙක්ම වයස අවරුදු 65ට ලඟා වූ පසු එම ධූරයෙන් ඉවත් වූ බව කියන මහාචාර්යවරයා  වයස අවුරුදු 65 ඉක්මවූ පසු කිසිදු ශාස්ත්‍රාලිකයෙකුට පරිපාලන තනතුරක් දැරිය නොහැකි බව අවධාරණය කරයි. කොළඹ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරියක ලෙස මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ද මේ පිළිබඳ අවබෝධයක සිටිය යුතු බව වජිර දිසානායක මහාචාර්යාවරයා කියයි. මේ පිළිබඳව ඇමතිවරයා හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද ඔහු පවසයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

යළිත් තමන්ට මෙම තනතුර ලබා ගැනීම සඳහා ඔහු විසින් කළ හැකි සියලුම දේ කරන ආකාරය මෙම වට්ස් ඇප් පණිවිඩය මගින් හෙළිදරවු කර තිබේ.

මහාචාර්ය ජෙනිෆර් පෙරේරා පත් කිරීමට පෙර දින “ලංකාසර” වෙබ් අඩවියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ තමන් මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාවට පත්වීම වළක්වන බවට දක්වමින් “කලබලකාරී” ප්‍රවෘත්තියක් පල කර තිබුණු බව ද මහාචාර්ය වජිර දිසානායක සිය පණිවිඩයේ සටහන් කර ඇත.

මේ සම්බන්ධව ලංකාසරට අදහස් දක්වන වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙන්නේ වෛද්‍ය ආඥා පනත සහ ලංකා වෛද්‍ය විද්‍යාල සභා ආඥාපනතට අනුව ඕනෑම විශ්වවිද්‍යාලයක මහාචාර්වරයෙකුට එම තනතුරට පත්විය හැකි අතර එය කොළඹ වෛද්‍ය පීඨයේ දේපලක් නොවන බවය.

වජිර දිසානායක මහාචාර්යවරයා කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙසත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ රේජිස්ටාර් යන තනතුරු තුනම දරමින් සිටි බවත් දැන් ඉන් එක් තනතුරක් ගැලවී යෑම සම්බන්ධව ඔහු සිය වෘත්තීය කණ්ඩායම් අතර වට්ස් ඇප් පණිවිඩ යවමින් හැසිරෙන ආකාරය නුසුදුසු බවත් මේ පිරිස් පෙන්වා දෙයි.

ඔවුන් පවසා සිටින්නේ තනතුරු දැරීමට සුදුසුකම් ඇති ලංකාවේ සිටින එකම වෛද්‍ය වෘත්තිකයා මහාචාර්ය වජිර දිසානායක නොවන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියාව විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් 51%කට  අක්ෂි ආබාධ… අක්ෂි සායනයක දී හෙළි වෙයි!

Next Post

හැංගිලා කළ හොර බිස්නස් ඉවරයි… සමාගමක සැඟවුන හිමිකරුවන් ගැන තොරතුරු ජනතාවට ලබා ගත හැකි සංශෝධනයක් සමාගම් පනතට එකතු වෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.