මෙරට වැසියන්ගෙන් සියයට 20ක් දෙනා හෘදයාබාධයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇති බවත් මෙම ප්‍රතිශතය බස්නාහි පළාත තුළ සියයට 30 දක්වා වර්ධනය වී ඇති බවත් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාබය රණසිංහ සදහන් කරයි.
මේ වන විට රටපුරා ඇතිව තිබෙන ආර්ථික පීඩනය දරාගැනිමට නොහැකිව බොහෝ දෙනෙකු මානසික ආතතියට පත්වීමේ ප්‍රතිපලයක් ලෙස මෙසේ හෘද රෝග වැඩිවීමට හේතුවක් වී ඇතැයි විශේෂඥවරයා පැවසීය.
සුපුරුදු දෛනික කටයුතුවලින් බැහැරව බොහෝ දෙනෙකුට ගිනි අව්වේ පෝලිම්වල දවස් ගණනාවක් රැදී සිටීමට සිදුවීමත් ඇතැම් විට අවසානයේ දී කිසිදු ප්‍රතිපලයක් නොමැතිව හිස් අතින් නිවස බලා යාමට සිදුවීත් වැනි හේතු සාධක සහ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාමට සාපේක්ෂව මුදල් අතේ නොගැවසීමද මානසික ආතතිය වැඩිකිරීමට හේතුවක් වී ඇතැයි හෙතෙම අවදාරණය කරයි.
එසේම මානසික ආතතිය වැඩිවීම හේතුවෙන් රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටමද ඉහළ යාම ඇතුලු තවත් බෝනොවනරෝගයන් අලුතින් ඇති වීමටත් තිබෙන රෝගවැඩි වර්ධනයක් වීමටත් හේතු සාධකයක් වන බව වෛද්‍යවරයා පෙන්වාදේ.
හදිසියේ ඇතිවන හෘදයාබාධ සඳහා ලබා දෙන ඖෂධයන් මේ වන විට සුළු වශයෙන් කොළඹ ජාතික රෝහල සතුව පවතින නමුත් ඉදිරියේදී එම ප්‍රමාණයද අවසන් වූ පසුව දැඩි අවදානමකට මුහුණපෑමට රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ටද සිදුවන බව විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.







