අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහබාගේ දී ඇල්ලූ කුඩුවලින් කිලෝ 50ක් නාකොටික් අය උස්සලා  

by Lanka Sara Editor
ජූලි 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූ නිලධාරීන්  විසින් මීට සති කිහිපයකට පෙර මහබාගේදී හාල්ගෝනි තුළ සගවා ප්‍රවාහනය කරමින් තිබියදී  අල්ලාගත් හෙරොයින් වලින්ද කිලෝ 50 කට වැඩි ප්‍රමාණයක් මුල් අවස්ථාවේදීම පන්නා අලෙවිකර ඇති බවටද විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී තිබේ.

 

එම මත්කුඩු තොගය අන්තර් ජාතික මුහුදු තීරයේදී පකිස්තානුවන් පිරිසක් පැමිණි ඉරාන් නෞකාවකින් ලබාගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග දකුණු මුහුදු තීරයෙන් ගිය ට්‍රෝලර් යාත්‍රාවක සිටි පිරිසකි. එහිදී කිලෝ එකකට වැඩි බරක් ඇති මත්කුඩු පැකට් 243 ක් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් විසින් ලබාදී ඇති බවටද තොරතුරු හෙළිවී ඇත. එම මත්කුඩු තොගය ගොඩබා ඇත්තේ බලපිටිය ප්‍රදේශයෙන් බවත් ගොඩබෑමෙන් පසු එම පැකට්වලින් පැකට් 43 ක් ඉවත්කර ඇති බවත් හෙළිවී තිබේ. අත්අඩංගුවේ සිටිනව මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එම හෙරොයින් පැකට් තොගය ඔවුන්ගේ වාහන වලින් කොළඹට ප්‍රවාහනය කර  ජාවාරම්කරුවෙකුට ලබාදී මුදල් ගෙන ඇතැයිද අනාවරණය වී තිබේ. සෙසු හෙරොයින් පැකට් 200 ද මාසයකට ආසන්න කාලයක් තිස්සේ තැන තැන සගවා තබමින් අවසානයේදී හාල් ගෝනි තුළ දමා එම මත්කුඩු තොගය මහාබාගෙට රැගෙන විත් වැටලීමක් කර ඇත්තේ අනතුරුව බවද අපරාධ රපීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් අනාවරණය වී තිබේ. එම පැකට් 200 තුළ හෙරොයින් කිලෝ 226 ක් පමණ තිබී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

එදා එම හොරොයින් සමග පකිස්තානයේ සිට ගිනි අවි 05 ක් ද පැමිණ ඇති අතර එම අවි 05 නිලධාරීන් විසින් බෙදාගෙන ඇති බවට තොරතුරුද ලැබී තිබේ. එම අවිවලින් එක් අවියක්ද මේ වන විට සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

 

මෙම මත්කුඩු ජාවාරම වසරක පමණ කාලයක් තිස්සේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් කරගෙන යන බවට තොරතුරුද මේ වන විට ලැබී ඇත. මාතර සිට කොළඹට මෑතකදී මත්කුඩු කිලෝ 100 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කර දී රුපියල් ලක්ෂ 130 ක මුදලක් ලබාගෙන ඇතැයිද අනාවරණය වී ඇත.

 

 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හොරෙන් ගන්නා  මත්ද්‍රව්‍ය අලෙවිකර ඇත්තේ කොළඹට නුදුරු ප්‍රෙද්ශයක සිටින ජාවාරම්කරුවෙකුට බවට තොරතුරුද අනාවරණ්‍ය වී ඇත. මේ වන විට ඔහු පළාගොස් සැගව සිටින අතර මත්කුඩු කිලෝ 100 කට අදාළ  මුදල් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මෙම ජාවාරම්කාර නිලධාරීන්ට ඔහුගෙන් ලැබීමට තිබෙන බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

Tags: නවතම
Share74Tweet43
Previous Post

අන්තවාදීන් ගැන අභියාචනාධිකරණ විනිසුරුවකු ඇමැති සාගලට ටක්කෙටම  ඔත්තුවක් දීලා   

Next Post

එම්.සී.සී සම්බන්ධ ඇමති මත තනි තනිව විමසුම අගමැති රටට කරන විහිලුවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.