බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තවාදීන් ගැන අභියාචනාධිකරණ විනිසුරුවකු ඇමැති සාගලට ටක්කෙටම  ඔත්තුවක් දීලා   

by Lanka Sara Editor
ජූලි 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය සමග සබදතා පැවැත්වු පුද්ගලයකු ගැන තමන් එවකට  විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර සහ නීතිය හා සාමය පිළිබදව ඇමතිවරයාව සිටි  සාගල රත්නායක  යන මහත්වරුන්ව පෞද්ගලිකව හමුවී දැනුවත් කළත් ඔවුන් ඒ  සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය එල්ලවන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගත් බවක් දැනගන්නට නොලැබුණු  බව හිටපු අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය  පිළිබඳ කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (02) අනාවරණය කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේද මේ ගැන  ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියද  ඊට අවස්ථාවක් නොලැබුණු  බවද හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා ජනාධිපති කොමිසම හමුවේ  සාක්ෂි දීමට පැමිණ තිබුනේ ඔහු විසින් කොමිසමට කළ ඉල්ලීමකින් පසු ස්ව කැමැත්තෙනි.

වසර 2015 සිට 2019 දක්වා අභියාචනාධිකරණ විනිසුරුවරයකු  ලෙස සේවය කර ඇති ගෆූර් මහතා  තමන්ට උසස්පෙළ පන්තිවලදී ඉගැන්වූ ගුරුවරියක් 2016 වසරේදී දුරකතන ඇමතුමක් ලබාදී වයස අවුරුදු 23ක් වන තම පුත්‍රයා වන ” ආශික් ”  ISIS සංවිධානය සමග සබදතා පවත්වන බව තමන්ට පැවසූ බව කොමිසම හමුවේ අනාවරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අවස්ථා කිහිපයකදී තම පුතුට එම කටයුතුවලින් ඉවත් වන ලෙස අදාළ ගුරුවරිය විසින් පවසා ඇතත් ආශික් නැමත්තා ” ඔබවත් මරන්න මට ඉහළින් නියෝග තිබෙනවා ” ලෙස මවට මරණ තර්ජන එල්ල කර තිබූ බවද සාක්ෂිකරු පැවැසුවේය.

 සිය මවට මරණ තර්ජන එල්ල කළේ නම් මේ ගැන ඔහු සමඟ කතා කිරීමට යාමෙන් තමන්ටද තර්ජනයක් නිසැකවම හඑල්ල විය හැකි නිසා ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් දැනුවත් කර යම් පියවරක් ගැනීමට තමා තීරණය කළ බවද  විනිසුරුවරයා පැවැසීය.

එබැවින් රටේ බලවත් අය දැන හදුනාගෙන සිටි  තමාගේ ඥාතියෙක් වන ෂැංග්රිලා හෝටලයේ මෙරට කොටස්කරුවන මොහොමඩ් සජාන් මවුසි මහතාට ඒ බව පැවසූ බවද ඔහු සදහන් කළේය..

ඒ අනුව මොහොමඩ් සජාන් මවුසි හරහා එවකට  විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතා  හමුවීමට තමන්ට අවස්ථාවක් ලැබුණු බවත් එම හමුවට සජාන් ඇතුළු තිනෙක් සම්බන්ධ වූ  බව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා සදහන් කළේය. ඒ අය අතර නීතීඥ මහත්මයෙක්ද සිටි බව ඔහු සදහන් කළේය.

කොමිසම එහිදී සාක්ෂිකාරුගෙන් විමසා සිටියේ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දේශපාලකයකු හමුවීමට ගියේ මන්ද යන්නයි.

” ඒ කාලේ හරිම භයානකයි. ඒ දවස්වල තිබුණු තත්තවය අනුව පහළ ඉදල උඩට යනවට වඩා ඉහල ඉදලා පහලට යන්න ඕනේ නිසයි එවන් හමුවීකට සම්බන්ධ වුනේ.  නැත්නම් වෙන වෙන ප්‍රශ්න ඇතිවෙන්න තිබුණා ” යැයි ඊට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේය.

මංගල සමරවීර ඇමතිවරයා ඔහුගේ කතාව ට හොඳින් ඇහුම්කන් දුන් බවත් පසුව  නීතිය හා සාමය අමාත්‍ය  සාගල රත්නායක මහතාට ඒ ගැන දුරකතනයෙන් පවසා  ඔහුව හමුවීමට අවස්ථාවක් ලබාදුන් බවද ඔහු කොමිසම හමුවේ පැවැසීය.

ඒ අනුව ඉන්  දින දෙකකට පමණ පසු තමන් එවකට සිටි  නීතිය හා සාමය අමාතය සාගල රත්නායක මහතා අරලිය ගහ මන්දිරයේදී හමුවූ බව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා සදහන් කළේය.එහිදී සාගල රත්නායක අමාත්‍යවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාද  අන්තවාදී ක්‍රියාවන්  පැතිරයාම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සහ දැඩි අවධානයෙන්  සිටින බව ය.

එම මුණ ගැසීමේදී සාගල රත්නායක අමාත්‍යවරයාට  තමන් සතුව තිබුණු  තොරතුරු ලබාදුන් බවත් ඒ තොරතුරු ඔහු විසින් සටහන් කරගැනීමෙන් පසු ඒ ගැන පියවරක් ගන්නා බව සදහන් කළ බවත් සාක්ෂිකාර අභියාචනාධිකරණ විනිසුරු ගෆූර් මහතා පැවැසීය.

 රජයක් විදියට හෝ දේශපාලකයෙක් විදියට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වූ ඔබ ලබාදුන් සංවේදී තොරතුර පිළිබඳව  ගත් පියවරක්  ගැන දැනගන්නට ලැබුනේදැයි එහිදී කොමිසම සාක්ෂිකාර විනිසුරුවරයාගෙන් විමසා සිටියේය.

” මං හිතුවා දවසකින් දෙකකින් හරි බුද්ධි අංශ නිලධාරීන්  ඇවිත් මගෙන් කටඋත්තරයක්වත් ගනීවී කියල. නමුත් පාස්කු ප්‍රහාරය  සිදුවනතුරු  එහෙම දෙයක් වුණේ  නෑ. මට හරි කණගාටුවක් ඇති වුණා. ඒ වෙලාවෙ යම් ප්‍රතිචාරයක් දක්වලා ක්‍රියාත්මක වුණා නම් මේ ජාලය වීනාශ කරල දමන්න තිබුණා. එහෙනම් ලංකාවේ මේ මිලේච්ඡ ක්‍රියාව සිද්ධ වෙන්නෙ නෑ” යැයි එහිදී  හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා සාක්ෂි ලබාදෙමින් සදහන් කළේය.

පාස්කු  ප්‍රහාරයෙන් පසුව ආශික් නමැත්තා අත්අඩංගුවට ගත් බව පුවත්පතකින් දුටු තමා ඒ ගැන දැඩිව කණගාටුවූ බවත් විනිසුරු වරයා පැවැසීය. එදින තමා සමග සාගල රත්නායක ඇමතිවරයාව මුණ ගැසීට ගිය කණ්ඩායමේ සිටි නීතීඥ ෆයිරූස්   ප්‍රහාරයෙන් පසුව හිටපු අමාත්‍ය  සාගල රත්නායක හමුවූ අවස්ථාවකදී ” ඔබලාට තොරතුරු දිලා තියෙද්දිත් තමයි මේක උනේ” ලෙස ප්‍රකාශ කර තිබූ බවද කොමිසම හමුවේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු අබ්දුල් ගෆුර් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share79Tweet43
Previous Post

අවසන් තරගයේ ශතකයක් ගහපු මහෙලත් හෙට විමර්ශන කමිටුව ඉදිරියට

Next Post

මහබාගේ දී ඇල්ලූ කුඩුවලින් කිලෝ 50ක් නාකොටික් අය උස්සලා  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.