මහනුවර දිස්ත්රික්කයේ ප්රදේශීය ලේකම් කොට්ඨාස තුනකට සහ නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 04කට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (18) නායේ යෑමේ රතු නිවේදන නිකුත් කළේය.
වහාම තමන් සිටින ස්ථානවලින් ඉවත්වන ලෙස දන්වන මෙම රතු නිවේදනයන් මහනුවර දිස්ත්රික්කයේ උඩුදුම්බර, මැදදුම්බර, දොළුව. ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, වලපනේ, හඟුරන්කෙත. ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නිකුත් කර තිබේ.
අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ.







