සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික පුවත්පත් පවා ඖෂධ සම්බන්ධව ඇතිවී තිබෙන ගැටලුව මුල් කරන් බොරු කියන්නේ ඇයි?… සෞඛ්‍ය විද්වත්හු අසති…

by editor
දෙසැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් සමාගම මගින් නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල්තුළ භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදුවූ යම් දෝෂයක් හේතුවෙන් මෙම සංකූලතා ඇතිවූ බවට පවතින සැකය මත එම ඖෂධය මෙරට භාවිතයෙන් තාවකාලිව අත්හිට වූ බව වෛද්‍ය ගුණවර්ධන මහතා පැවසුවේය.

ඔහු මේ අදහස් පළ කළේ මෙම එන්නත් ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාමක් සම්බන්ධයෙන්  වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි  කරමින් ඊයේ (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී  පැවැත්වූ  විශේෂ මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රජයේ රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ දී   අනියත බියක් ඇතිකර ගතයුතු නොමැති බවයි. 

පුහුණු, පලපුරුදු කාර්ය මණ්ඩලයක් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවය කරන බවත්, මෙම රෝගීන් දෙදෙනො මියයාමට හේතුව මෙම ඖෂධය ද යන්න මේවන තුරු නිශ්චය කර නොමැති බවත්, මේවන විට ඊට අඳාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් පරීක්ෂණ දෙකක් පවත්වන බව යි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධිය මුල්කරගෙන ජනතාව නොමග යවන පුවත් නිර්මාණය කර ප්‍රචාරයන් සිදුකරන බවය. මීට අඳාළව නිරීක්ෂණයන්, පරීක්ෂණයන් සිදුකරමින් සිටින වේලාවක ජාතික පුවත්පතක පවා එම ඖෂධයෙන් රෝගීන් දෙදෙනෙකු මියගියා යැයි නිගමනවලට එළැඔ ප්‍රචාරයන් සිදුකරන්නේ කෙසේද ? යන්න පිළිබදව විමසා බැලිය යුතු බවත් ඔහු  පැවසීය. 

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස්   මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම ආනයනික සැපයුමක් බවය. 

2021 වර්ෂයේ ලබාදුන් ඇණවුම අදාලව 2022 වර්ෂයේ  ඇණවුම සහ 2025 වර්ෂයට අදාල  2024 වර්ෂයේ ඇණවුම හරහා මෙම ඖෂධ ලැබුණු බවත්, මෙම ඖෂධ ඇණවුමට අඳාළව එන්නත් 1450000 (දාහතර ලක්ෂ පනස්දහසක්) මෙරටට ලැබුණු බවත්, ඖෂධ ගැටලුව ඇතිවන අවස්ථාව වනවිට භාවිතයෙන් පසු ඉතිරිව තිබූ ඖෂධ 85000 (අසූපන්දහසක්) තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත් පැවසීය.

ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ සී. වීරසිංහ  කියා සිටියේ,  මෙම ඖෂධය නියමිත මාර්ගෝපදේශයන්ට සහ අඳාළ ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අඳාළව මෙරටට ගෙනඑන ලද බවත්, එම ගෙනඑන ලද ඖෂධ තොගයෙන් මේවන විට විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර සේවාවන් සදහා භාවිතයට ගෙන තිබෙන බවත් ය. 

මෙම ඖෂධයට අඳාළ ලබන වර්ෂයේ ඇණවුම අඳාළ වෙනත් සමාගමක් මගින් ලබා ගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අම්බුළුවාව  ජෛව විවිධත්ව  සංකිරණයේ  කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  විධිමත් පරික්ෂණයක් පවත්වන්න… විගණනය නිර්දේශ කරයි!

Next Post

මහනුවර සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07කට නායෙ යෑමේ රතු නිවේදන නිකුත් වෙයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.