තෙල්දෙණිය, විල්අමුණ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ උපදේශක හිටපු යුධ හමුදා මේජර්වරයා නිසා බරපතල කොවිඩ් අවදානමක සිටින ඔහුගේ නිවුන් දියණියන් සහභාගී වූ පුද්ගලික උපකාරක පන්තිවල සිසු සිසුවියන් 400කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කිරීම සඳහා මහනුවර පොලිස් බුද්ධි ඒකකය සංකීර්ණ මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්තා වේ.
මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින මේ නිවුන් දියණියන් දෙදෙනා පසුගිය 2, 4, 5, තෙදින තුළ සිය පියා සමගත්, 7, 9 ඔවුන් දෙදෙනාත් මහනුවර ප්‍රධාන උපකාරක පන්ති ගණනාවකට සහභාගී වී තිබේ. මහනුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමට ඉහළ ද ෆස්ට් ආයතනයේ පැවති පුබුදු විජේරත්න මෙහෙයවන භෞතික විද්‍යා පන්තියකට මේ වකවානුව තුළ ඔවුන් සහභාගී වී ඇත.
එහි සිසුන් 200 වැඩි පිරිසක් අධ්‍යාපනය ලබමින් සිට තිබේ.
එමෙන්ම මහනුවර විලියම් ගොපල්ලව මාවතේ සිප්ලන්ඩ් ආයතනයේ නදුන් රාජකරුණා විසින් මෙහෙයවන රසායන විද්‍යා පන්තියකටත් ඔවුන් එක් වී ඇත. ඊට මෙම දිනවල සිසුන් 160කට අධික පිරිසක් සහභාගී වී ඇත.
මීට අමතරව මේ දියණිවරුන් දෙදෙනා අධ්‍යාපනය ලබන මහනුවර ප්රමුඛ පෙළේ පාසලක සිසු දැරියන් ගණනාවක් සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කර ඇතැයි බුද්ධි අංශ වාර්තා කරයි.
Good work