මහනුවර ගලහා ප්‍රදේශයෙන් සොයාගත් නිල් පැහැති පර්වතය ඉහළ වාණිජ හෝ වෙළඳපල වටිනාකමක් නොමැත පාෂාණයක් බව ජතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඊයේ නිල වශයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.
පර්වතයේ ධාරක පර්වතයක් තුළ තැන්පත් වී ඇති ලැබ්‍රඩෝරයිට් නැමති ඛනිජය කුඩා ප්‍රමාණයක් අඩංගුවන බවත්, ලැබ්‍රඩෝරයිට් යනු එහි ලාක්ෂණික ඛනිජ ගුණාංග මගින් හඳුනාගත හැකි ෆෙල්ඩ්ස්පාර් පාෂාණ ප්‍රභේදයක් බවත්එම නිවේදනයේ දැක්වේ. හිරු එළිය වැටෙත්ම නිල් පැහැයෙන් දෘෂ්‍ය වීම මෙම ලැබ්රඩෝරයිට්වල ලක්ෂණයක් බව ද එහි ප්රකාශිතය.
මෙම පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළඳපල වටිනාකමක් නොමැති බව අවසානයේ දී එම වාර්තාව නිර්දේශ කරයි.
ගලහා කෝවිල් භූමියක් ආශ්‍රිතව නායේ ගිය ස්ථානයකින් මෙම පාෂාණය මතුවීමත් සමග ජනතාව තුළ ඉතා ඉහළ කුතුහලයක් ඇති විය. එසේ වූයේ එහි නිල් පැහැය නිසාය. මේ හේතුවෙන් වැල නොකැඩී පිරිස් එම ස්ථානයට රැස් වූහ.
මේ තත්ත්වය පාලනය කිරීම සඳහා භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා එම පාෂාණය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබිණි.
ජාතික මැණික් සහ ස්වර්ණා්භරණ අධිකාරියෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

මේ ලිපියත් බලන්න…
ගලහ නායේ ගිය භූමියකින් ටොන් එකක නීල පාෂාණයක්… ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව සැපයෙයි…







