මහනුවර සහ ඒ අවට නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වන සම්භාහන මධ්‍යස්ථාන වැටලීම් නවත්වන ලෙසට මහනුවර සහ ඒ අවට පොලිස් ස්ථාන සඳහා නිල නොවන මට්ටමේ නියෝගයක් ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මධ්‍යස්ථාන පසුගිය කාලය තුළ ශීඝ්‍ර වර්ධනයක් පැවතියද ඒවා වැටලීමට නොහැකිව ඇත්තේ මහනුවර ගැටඹේ ප්‍රදේශයට ආසන්නයේ මහනුවර ප්‍රධාන පෙළේ පොලිස් නිලධාරියකුට හිමි එවැනි මධ්‍යස්ථානයක් පැවතීම හේතුවෙන් බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පසුගියදා අම්පිටිය ප්‍රදේශයේ අ.පොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුවකු ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමෙ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය අකාර්යක්ෂම අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීම්වලදී මෙම කරුණ අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ තත්ත්වය හේතුවෙන් නිත්‍යනුකූල නොවන ආකාරයෙන් විවෘත වී ඇති ස්පා නමින් ක්‍රියාත්මක වන සම්භාහන මධ්‍යස්ථාන ගණනාවක් හඳුනාගෙන ඇතත් පොලිස් ස්ථානවලට නීතිය ක්‍රියාත්මක කිරීමේ දුෂ්කරතාවන් මතුව ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය..







