අසේල කුරුළුවංශ –
අතුරුදන්ව සිටි මහනුවර තැන්නේකුඹුරේ පදිංචි 13 හැවිරිදි දරුවන් ළමුන් දෙදෙනාගේ මළ සිරුර වික්ටෝරියා ජලාශයේ තිබී අද (10) පෙරවරුවේ සොයාගත් බව පොලීසිය පවසයි.
සිසුන් දෙදෙනා පෙරේදා (08) මහවැලි ගඟ අසබඩ ගැවසෙමින් සිටියදී අතුරුදන්ව තිබුණු බව වාර්තා විය.
ඔවුන් දියේ ගසාගෙන යන්නට ඇතැයි යන සැකය මත පොලීසිය ප්රදේශවාසීන්ගේද සහය ඇතිව වික්ටෝරියා ජලාශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළද ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූයේය.
මළ සිරුර හමු වූයේ සිසුන් පදිංචි සිටි අංකුඹුර ප්රදේශයේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරකින් හාරගම ප්රදේශයෙන් බව පොලීසිය කියයි.
වර්ෂා තත්ත්වයත් සමග පෙරේදා දිනයේ මහවැලි ගඟේ ජල මට්ටම අවස්ථා කිහිපයකදී වැඩිවූ බව ප්රදේශවාසීහු පවසති.
පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වයි.







