මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගිය දිනෙක අරලියගහ මන්දිරයට කැඳවා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් දෝෂදර්ශනයට ලක්කර ඇතැයි වාර්තා වේ.
ඒ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය කඩ වන ආකාරයට වරින් වර විවිධ ප්රකාශ කිරීම පිළිබඳ චෝදනා කරමිනි.
විදුලි කප්පාදු පිළිබඳ නිවේදන නිකුත් කිරීමේදී අර්බුදයක් ඇති නොවන ආකාරයට සිතා බලා නිවේදන නිකුත් කරන්නැයි ද විශේෂයෙන්ම මහජන උපයෝගීතා කොමිසම පිළිබඳ විශ්වාසය කඩ නොවන ආකාරයට කටයුතු කරන ලෙසද අගමැතිවරයා එහිදී සභාපතිවරයාට උපදෙස් තිබේ.
විදුලි කප්පාදුව පිළිබඳ ජනතාවට උදෑසන එක ප්රකාශයක් කොට සවස් වරුවේ තවත් නිවේදනයක් නිකුත් කිරීම මගින් රජය අපහසුතාවයට පත්වන බව අගමැතිවරයා එහිදී පවසා තිබේ.
ජනාධිපතිවරයා වෙත විදුලි බලධාරීන් පසුගියදා සහතික වී තිබුනේ 5 වැනිදා සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
නමුත් අද දිනයේ ද විදුලි කප්පාදුව සඳහා කාල සටහනක් නිකුත් කර තිබේ.







