ආනයනය තහනම් කිරීමේ අපේක්ෂාවෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුවක් මුදල් අමාත්‍යාංශය විසින් අද (07) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල පැවසීය.
එම ලැයිස්තුවට අදාළ අමාත්‍ය මණ්ඩල නිර්දේශය ලැබීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.
පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය 600ක් ආනයනය කිරීම රජය විසින් මීට පෙර තාවකාලිකව අත්හිටුවනු ලැබුවේය.
වාර්තාවලට අනුව, විනිමය අනුපාතිකයේ ස්ථායීතාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීම සඳහා, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයනයන් අධෛර්යමත් කිරීම මගින් රජය අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය සීමා කිරීම මෙහි අරමුණ වේ.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් ආනයනය කිරීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය යෝජනා කරන බව නිල ආරංචි මාර්ග සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ඉදිරිපත් කර ඇති එම භාණ්ඩ සඳහා පමණක් බදු වැඩි කිරීමට ඉල්ලා තිබූ යෝජනාවේ වාසි සහ අවාසි සලකා බලමිනි.
මෙම අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම අධෛර්ය කිරීමට බදු වැඩි කිරීම විකල්පයක් බැවින් වඩාත්ම සුදුසු දේ ලෙස සලකා එම භාණ්ඩ තහනමට අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති බව ඔවුහු පැවසූහ.
මහ බැංකු දත්ත වලට අනුව, පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වන වියදම 2020 දී ඩොලර් මිලියන 3401.66 සිට 2021 දී ඩොලර් මිලියන 3848.71 දක්වා ඩොලර් මිලියන 447.05 කින් වැඩි වී ඇත..
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600-700 දක්වා ආනයනය තහනම් කිරීමෙන් රටට අහිමවන බදු ආදායම සියයට 5 සිට 10 දක්වා අඩු වනු ඇති බව තාවකාලික ඇස්තමේන්තු සහ ගණිතමය ආකෘති අනාවැකි පළ කර ඇත.