බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මහජන උපයෝගීතා කොමිසම අහෝසි කළ විදිය නීතිවිරෝධියි”

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 11, 2020
in පුවත්
Karu Jayasuriya
Share on FacebookShare on Twitter

ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයකින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම නීතිවිරෝධි මෙන්ම සාදාචාර විරෝධී බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඇතැම් ආයතන සඳහා පුද්ගලයන් පත්කිරීමේදී ද පාර්ලිමේන්තු සභාව පත්කළ සමහර නම් සලකා බැලිමේදී උදේ, දවල්, රාත්‍රියේ දේශපාලනයේ යෙදුන හා යෙදෙන පුද්ගලයන් ගණනාවක් ඒ අතරවීම ගැන සංවේගයක් මෙන්ම ඊට විරෝධයත් ප්‍රකාශ කරන බවයි.

මහජන උපයෝගීතා කොමිසම බිහිකර ඇත්තේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලද පනතක් මගින් බැවින් එවැනි පනතක් අහෝසි කිරිමට නම් පලමුවෙන්ම ඒ සඳහා වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ගත යුතු බව ඔහු කියාසිටී.

ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුව මඟින් එය සම්මත කරගත යුතු බවත් ජනාධිපති ලේකම්ට මෙවැනි වැදගත් පනතක් අහෝසි කළ හැකිනම් පාර්ලිමේන්තු පවත්වන්නේ ඇයිද? යන්න සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරය ප්‍රශ්න කරයි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මෙය පාර්ලිමේන්තුවට කල අපහාසයක් හා අවමානයක් වශයෙන් තම ව්‍යාපාරය සළකන බව එම නිවේදනයේ දැක්වෙයි.

2002 වසරේදී මහජන උපයෝගීතා කොමිසම නිර්මාණය කිරීමට පාදක වු පනත පාර්ලිමේන්තුවට ගෙනආ මොහොතේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ඒ වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබා දුන් බව සභාපතිවරයා පවසයි.

ලෝකයේ දියුණු රටවල පවතින යහපත් ආදර්ශයන්ද සැලකිල්ලට ගෙන මෙම ආයතනය බිහිකිරීම සඳහා  ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ප්‍රබල ආයතන ගණනාවක් එහිදී රජයට සහය වූ බවද හෙතෙම කියාසිටී.

අන්තර්ජාතිකව සැලකීමේදී ඉතාමත්ම ආදර්ශමත් පනතක් ලෙස එම පනතට විශාල පිළිගැනිමක් ලැබුණු බවත් මේ කොමිසම පාරිභෝගිකයා දැඩිලෙස ආරක්ෂා කරන බවත් කරූ ජයසූරිය මහතා පෙන්වා දෙයි.

විදුලිය මිලදී ගැනීම්, විදුලි ගාස්තු අයකිරීමේදීත් මෙම ආයතනය ජනතාව වෙනුවෙන් පෙනී සිටින නමුත් ජනාධිපති ලේකම්වරයාගේ අනීතික නියෝගය ක්‍රියාත්මක වුවහොත් ඇතිවිය හැකි තත්වය ඉතාමත්ම ශෝචනීය විය හැකි බව සභාපතිවරයා අවධාරණය කර සිටී.

ප්‍රසම්පාදන කොමිසම අහෝසිකර බිලියන ගණන් මහජන මුදල් අවභාවිතා කිරීමට අවස්ථාව ලබාදුන් ආකාරයටම මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගන්නා උත්සහයේදී ඔවුන් තුළ ඇති චේතනාව සැක සහිත බව එම නිවේදනයේ දැක්වේ.

මහජන උපයෝගීතා කොමිසමේ සියළුම සාමාජිකයින් ඔවුන් වෙත ලැබුණ ඉල්ලීමකට අනුව සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ බවට වාර්තා වු බවත් එවැනි ඉල්ලීම් කිරීම නොමනා වැඩක් මෙන්ම මීට ඉහත එක් අවස්ථාවක මෙවැනි සිදුවීමක් වු බව සභාපතිවරයා සිහිපත් කරයි.

ඒ අවස්ථාවේ දීත් එවකට පැවති ව්‍යවස්ථාදායක සභාව මේ ගැන අගමැතිවරයා දැණුවත් කරන ලද අතර ඔහු සිය මතය සමඟ එකඟ වු බවත්
මෙවැනි සිද්ධීන් නිසා මුළු පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක් වන අතර පක්ෂ බේදයෙන් තොරව සියළුම, මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවය රැකදීමට ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටින බවත් කරූ ජයසූරිය මහතා පවසයි. මෙවැනි සිදුවීම් පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැති බව ඔහු පෙන්වා දී තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.
“ස්වාධීන අපක්‍ෂපාත මැතිවරණයක් නොපැවැත්වුවහොත්, පොලිස් සේවය, රාජ්‍ය සේවය දේශපාලනීයකරණය වුවහොත් එවිට ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් හඳුන්වන්න බැහැ. ජනතාව එවැනි තත්වයක් කිසිවිටක අනුමත කරන්නේ නැහැ.

මෙම පසුබිම තුළ අන්තර් ජාතික වශයෙන් රටක් ලෙස අප උපයාගෙන තිබූ ගරුත්වයට බරපතල හානි සිදුවේවි. අපේ රටේ ආර්ථිකයටද එමඟින් බරපතල අහිතකර තත්වයක් නිර්මාණය කරාවි. එසේ හෙයින් අපි රජයට ඉතාමත්ම සත්භාවයෙන් කියන්නේ යෝජිත සමහර නම් සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසයි. එසේ නොවුණහොත් දැඩි සමාජ විරෝධයක් ඇතිවිය හැකියි. එසේ වුවහොත් පුදුම වෙන්න එපා.
මේ ආකාරයට රජය තවත් හිතුවක්කාර ක්‍රියාවක් කර තිබෙනවා.

ඒ නිසා මේ පිළිබදව වන රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම ජාතික යුතුකමක් වෙනවා. එමෙන්ම අද අප මතුකළ අනෙකුත් කරුණු ගැනද රජය තම ස්ථාවරය පැහැදිලි කරනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ රටේ ජනතාව එවැන්නක් බලාපොරොත්තු වෙනවා.

මෙම සාකච්චාවේදී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉහත කී කරුණු ඉදිරිපත් කලේ ජනතාව වෙනුවෙන්ය. ස්වාධීන ආයතනයක් වශයෙන් අපි රජයට දෝෂාරෝපණය කිරීමට හෝ රජය අපහසුතාවයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් අප ඉදිරිපත් කල කරුණු කෙරෙහි ජනාධිපතිතුමා ඇතුළු රජයේ අවධානය යොමුකිරීම ඔවුන්ගේ ගෞරවය රැකගැනීමට අවස්ථාවක් ලෙස අපි දකිනවා.

ලංකා පුරවැසියන් බුද්ධිමත්, ඔවුන් සිටින්නේ අවදියෙනි, අතිතයේදි මේ රටේ පැවැති බොහෝ ආණ්ඩු පාලකයන් සිතා සිටියේද තමන් කරන කියන ඕනෑම දෙයකට ජනතාව නිහඩව බලාසිටින බවයි. නමුත් ජනතාව නිවැරදි පණිවිඩය අවශ්‍යම මොහොතේ ලබාදෙන්නේ ඒ කිසිවෙක් නොසිතන ආකාරයටය. වර්තමාන රජයද ඒ බව තේරුම් ගන්නේ නම් එය ඉතාමත්ම යහපත්ය”

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් අද තීරණාත්මක සාකච්ඡාවකට වාඩි වෙයි

Next Post

ඉන්දීය මහකොමසාරිස් ගේ පොරොන්දුව ගිලෙයි… ඉන්දීය ධීවරයෝ යළිත් මුලතිව් මුහුද ආක්‍රමණය කරති…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.