අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල්වතු අස්ගිරි හිමිවරුන්ගේ ඇස් වසා යුක්රේන් සංචාරකයන් මාළිගාවට ගෙනත්…..

ලේ වැල්ලේ ධම්මාලංකාර හිමියෝ සංඝයා වහන්සේටත් බොරු කිරීම ගැන ප්‍රශ්න කරති

by editor
ජනවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය පැතිරීම නිසා සංචරණ සීමා පනවා ඇති කිසිම ප්‍රදේශයකින් දේශීය බැතිමතෙකුටවත් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා නොදෙන වටපිටාවක කොවිඩ් නිසා වසා දැමූ යුක්රේනයේ සංචාරකයන් 195 දෙනෙක් බස්රථ හතරකින් ගෙන්වා දළදා මාළිගාව වෙත රැගෙන යෑම පිළිබඳව අද මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ දී බරපතල විරෝධතාවයක් මතු විය.

මෙම සංචාරකයන් දළදා මාළිගාව වන්දනා කරවීම සඳහා රැගෙන නොයන බවට මුලින්ම දන්වා තිබිය දී ඔවුන් බස් රථ හතරකින් ගෙන්වා ප්‍රධාන වාහල්කඩින් ඇතුළු නොකර වෑකන්ද දිගේ කැඳවාගෙන ගොස් පසෙකින් ඇති අනෙක් දොරටුවෙන් මාළිගාවට ඇතුළු කර තිබිණි.

සංචාරක පිරිස රැගෙන යන අයුරු

අනතුරුව සාමාන්‍ය බැතිමතුන් වන්දනා කරද්දී ඔවුන් අතරට රැගෙන ගොස් මේ සංචාරකයන්ට දළදා මැදුර ප්‍රදර්ශනය කර ඇතැයි චෝදනා එල්ල විය.

මෙම සංචාරකයන් දළදා මාළිගාවෙන්   පිටකරද්දී එතැනට  ලේවැල්ලේ ධම්මාලංකාර හිමියෝ වැඩම කළහ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

එම අවස්ථාවේ සංචාරකයන් ඉදිරිපිටම   එතැන මග පෙන්වීම් කළ පිරිස ඇමතූ උන්වහන්සේ මෙසේ විමසූහ.

ලේවැල්ලේ ධම්මාලංකාර හිමි

“ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු ඇතුළු මහා සංඝයාවහන්සේ මුලා කරමින්   දළදා මාළිගාව වන්දනා කරවන්න මේ යුක්රේන් ජාතික සංචාරකයයන් ගෙනාවෙ කවුද?… යුක්රේනය කොවිඩ් වසංගතය පාලනය කරගන්න බැරිව වසා දමලා… එහෙම තියෙද්දි මේ අයව ගෙන්වලා රට වටේ ඇවිද්දවමින් රෝගය ව්‍යාප්ත කරවන්න කටයුතු කරන්නෙ කාගෙ අවශ්‍යතාවයකට ද?

“මේ සංචාරකයන් මාලිගාව වන්දනා කරනකොට සාමාන්‍ය මිනිස්සුත් ගිහින් දළදා වඳිනවා… මේ අසරණ මිනිස්සුන්ගේ සෞඛ්‍යයට දැන් තර්ජනයක්. කාගෙද මේ මිනිස්සු ගැන වගකීම…“

ධම්මාලංකාර හිමියෝ දැඩිව විමසා සිටියහ.

සංචාරකයන් වැව රවුමේ …

යුකේර්න් ජාතික සංචාරකයන් දැඩි නිරෝධායන ප්‍රතිපත්ති යටතේ සංචරණය කරවීමට සැලසුම් කර තිබිණි. මේ කණ්ඩායම සීගිරිය හා පොලොන්නරුවේ සංචාරය කරන අවස්ථාවල ඒ සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට වසා දැමීමට සැලසුම් කර තිබිණි.

සාමාන්‍ය මිනිසුන් දළදා මැදුරේ වන්දානාවේ යෙදී සිටිය දී යුක්රේන් ජාතික සංචාරකයන් එහි රැගෙන ගොස් තිබුණේ රට සැලසුම් කළ සියලුම සෞඛ්‍ය නිරෝධායන පිළිවෙත් බිඳ දමිමින් බව මහා සංඝයා වහන්සේ දන්වා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වට්ස්ඇප් අලුත් රහස්‍යතා ප්‍රතිපත්තියට වයිබර් විරෝධය පළ කරයි

Next Post

“ශ්‍රිලනිපය කනත්තට ගෙන ගියේ ඔබයි” – චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට සැර ලියුමක්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.