ලලිත් චාමින්ද –
ඇල්පිටිය දිවිතුර ප්‍රදේශයේ වත්තක වළ දමා තිබූ 18 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් අද (07) පස්වරුවේදී හමු වී ඇති බැව් ඇල්පිටිය පොලිසිය පවසයි
මෙම තරුණයා පෙරේදා දින (05) දින සිට අතුරුදහන්ව සිට ඇත. ගම්මුන් විසින් අතුරුදහන් වු තරුණයා සොයා විශේෂ මෙහෙයුමක් ද සිදුකොට තිබුණි .
දිවිතුර වත්තේ කඳු මුදුනක තරුණයාගේ මළසිරුර වල දමා තිබූ අතර සුනඛයකු ඉව අල්ලමින් එම ස්ථානයේ ගැවසී ඇත .
තරුණයාගේ හිස් කබල වළෙන් මතු වී තිබූ බව පොලිසිය පවසයි .
ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව මළ සිරුර ගොඩ ගැනීම සිදුකරන අතර මෙම තරුණයා ඝාතනය කොට වල දමා ඇති බවට පොලිසිය සැක කරයි .
ඇල්පිටිය පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.







