බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණ 93යි… මොස්කව් මළගෙය වළක්වා ගත හැකිව තිබුණා ද?

by editor
මාර්තු 23, 2024
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ඊයේ රාත්‍රියේ මොස්කව් අගනුවර මළගෙයක් බවට පත්වූයේය.  අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් විසින් එල්ලකළ බිහිසුණු ප්‍රහාරයකින් එතැනම පුද්ගලයින් 60 දෙනෙක් මිය ගිය බව වාර්තා විය. තවත් 145ක් තුවාලය. ඊයේ ප්‍රකාශ වූයේ ඉන් 60කගේ තත්ත්වය බරපතල තත්ත්වයේ ඇති බවය.  මේ වනවිට  මරා දමා ඇති අසරණයින්ගේ ගණන  93  දක්වා ඉහළ ගොස් ඇත. තවත් පිරිසක් මරණය සමග පොරබදමිනි.

ක්‍රෙම්ලීනය අනුව මේ වනවිට අපරාධය සිදුකළ ඝාතකයින් සිව් දෙනෙක් ඇතුළු 11ක් රුසියානු ආරක්ෂක අංශ අත් අඩංගුවේය.

FSB ආරක්ෂක සේවා ප්‍රධානී Alexander Bortnikov ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත නිල වශයෙන් දන්වා ඇත්තේ     “ත්‍රස්තවාදීන් හතර දෙනෙකු” හඳුනාගෙන අත් අඩංගුවට ගත් බවත් ඔවුන්ගේ සහචරයන් හඳුනා ගැනීමට FSB  කටයුතු කරමින් සිටින බවත්ය.

රුසියානු නීති සම්පාදක Alexander Khinshtein උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරන්නේ  සිකුරාදා රාත්‍රියේ මොස්කව් සිට   කිලෝමීටර් 340 ක් (සැතපුම් 210) පමණ නිරිත දෙසින් Bryansk ප්‍රදේශයේ දී පොලිසිය විසින්  සැකකටයුතු  රෙනෝල්ට් වර්ගයේ වාහනයක් නිරික්ෂණය කර තිබුණු බවය.

වාහනය නැවැත්වීමට ලබා දුන් පොලිස් අණ නොතකා මේ පිරිස පලා යනවිට මෝටර් රථය හඹා ගොස් පලා යන්නන් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු  කර තිබුණු බවත් මෙම වාහනයේ ගමන් කර තිබුණේ මොස්කව් ප්‍රහාරකයින් බව අනාවරණය වන බවත් නීති සම්පාදකයා පැවසුවේය. කෙසේ වෙතත්  තවත් දෙදෙනෙකු වනාන්තරයකට පලා ගිය බවත් ඔහු පැවසීය. ක්‍රෙම්ලිනය විසින් සිව් දෙනෙක් අත් අඩංගුවට ගත් බවට කළ ප්‍රකාශයෙන්    පෙනී යන්නේ මේ පලා ගිය ප්‍රහාරකයින් දෙදෙනා ද   ද පසුව පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අත් අඩංගුවට ගත් මෝටර් රථයේ තිබී පිස්තෝලයක්, ප්‍රහාරක රයිෆලයක් සඳහා මැගසිනයක් සහ ටජිකිස්තානයේ ගමන් බලපත්‍ර සොයාගත් බව Alexander Khinshtein  තහවුරු කර ඇත. ටජිකිස්තානය යනු සෝවියට් සංගමයේ කොටසක් වූ ප්‍රධාන මුස්ලිම් මධ්‍යම ආසියානු රාජ්‍යයකි.

එම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වූ හැටි පහත දැක්වේ.

ප්‍රහාරයේ වගකීම

ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් සංවිධානය භාරගෙන ඇත්තේය. සුදු වෑන් රථයක ඉන්නා ප්‍රහාරකයින් දෙදෙනෙකුගේ ඡායාරූප රුසියානු මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇත.   සිය ගනණක් මරා දැමීමෙන් අනතුරුව ඔවුන් ආක්ෂිතව සිය කඳවුරුකරා පැමිණි බවත් එම ස්ථානයට දැවැන්ත විනාශයක් සිදුකළ බවත් අයි.එස් සංවිධානය ප්‍රකාශ කර තිබිණි.

ප්‍රහාරය එල්ල වූයේ මොස්කව් නගරයට මදක් බටහිරින් වූ     Crocus City   ශාලාවේ ප්‍රසංගයකටය. ප්‍රහාරය එල්ලවන අවස්ථාව වනවිට රඟහල පිරි ඉතිරී තිබුණු අතර රසිකයින් 6200ක් ප්‍රසංගය නරඹමින් උන්හ.  අයි.එස්. ත්‍රස්ත පිරිසක් සැඟවි සිට තමන් සතු ස්වයංක්‍රීයි ගිනි අවිවලින් වෙඩි පිට වෙඩි වපුරුවමින්  මෙම  ම්ලේච්ච ඝාතනය සිදු කර තිබිණි.

මේ වනවිට උක්ත බිහිසුණු අපරාධය සම්බන්ධ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.  එක් වීඩියෝවක රසිකයින් ශාලාවේ අසුන් ගන්නා ආකාරය පෙනේ. එක් වරම මහා වෙඩි හඬ නැගෙයි. මිනිස්සු කෑ ගසාගෙන පිටවීම සඳහා වේගයෙන් දිව යති.  තවත් වීඩියෝවක ඝාතකයින් මිනිසුන් වෙත වෙඩි තබන ආකාරය රූගත වී ඇත. වෙඩි වැදුන අසරණයෝ රුධිර ගංගාවල වැතිරී අවසන් නින්ද නිදනු ද එහි දැකගත හැකිය.

ඒ සමගම රඟහල පරිශ්‍රයේ දැවැන්ත ගින්නක් ඇති වී   වහළයේ කොටසක් බිඳ වැටී ඇත. ශාලාවේ  ගිනිදැල් අහසට පැන නැගින ආකාරය දර්ශනවලින් පෙනේ., රාත්‍රියේ හදිසි වාහනවල නිල් ආලෝකයන් සිය ගණනක් දැල්වෙමින් ඇත.   කළු දුමාරයක් එම ස්ථානයට ඉහළින් නැගෙමින් තිබේ. හෙලිකොප්ටර් යානා විශාල ගොඩනැඟිල්ල ගිලගත් ගිනිදැල් නිවා දැමීමට උත්සාහ කරනු පෙනේ.

“ හදිසියේම අපට පිටුපසින් පිපිරුම් හඬ ඇසුනා.  අනතුරුව විශාල  ගාලගෝට්ටියක් ඇති වුනා. අප නැගිටලා දුවන්න ගත්තා. හැමෝම තෙරපෙමින් දිව්වේ එස්කැලේටර් එකට.  හැමෝම කෑ ගහනවා… හැමෝම දුවනවා…”  සිද්ධිය අත්දුටු අයගේ ප්‍රකාශ උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය එසේ වාර්තා කර තිබිණි. රඟහල තුළ සිදුවූ අපරාධය පහත දැක්වේ.

;

ඇමරිකාව.

ක්‍රෙම්ලිනයේ සිට කිලෝමීටර් 20ක් (සැතපුම් 12ක්) පමණ දුරින් පිහිටි Crocus City   ශාලාව  වෙත මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ, මොස්කව්හි ප්‍රහාරයක් සඳහා  අන්තවාදීන්ට  ආසන්න සැලසුම් ඇති බවට රුසියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රුසියානු බලධාරින්ට අනතුරු ඇඟවීමෙන් සති දෙකකට පසුව ය.

තානාපති කාර්යාල අනතුරු ඇඟවීමට පැය කිහිපයකට පෙර, රුසියාවේ ආරක්ෂක වගකීම දරන  ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) කියා සිටියේ, ISIS-Khorasan හෝ ISIS-K ලෙස හඳුන්වන ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රාජ්‍ය අනුබද්ධිත ආයතනය විසින් මොස්කව්හි  එල්ල කළ ප්‍රහාරයක් තමන් විසින් ව්‍යර්ථ කළ බවය.

මෙම අයි.එස්.අයි.එස් අන්තවාදීහු  ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, ටර්ක්මෙනිස්තානය, ටජිකිස්තානය, ඉරානය සහ උස්බෙකිස්තානය හරහා කැලිෆේට් රාජ්‍යයක් සඳහා සටන් වදින්නන්ය. .

මේ ප්‍රහාරයට හේතුව ලෙස අනුමාන කරන්නේ පූටින්ගේ විදේශ ප්‍රතිපත්තියේ විචලනය ය.  ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ජනාධිපති බෂාර් අල් අසාද්ට සහය දෙමින් 2015 දී මැදිහත් වීමෙන් පුටින් සිරියානු සිවිල් යුද්ධයේ ගමන් මග වෙනස් කළේය. මේ තත්ත්වය තුළ  “ISIS-K  ප්‍රහාරකයින්  පසුගිය වසර දෙක තුළ රුසියාව ඉලක්ක කරගෙන ප්‍රහාරක් සඳහා ඉලක්ක සොයමින් සිටි බව ඒජන්සි වාර්තා සඳහන් කර තිබිණි..

ලෝකප්‍රතිචාරය.  

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවසුවේ එය මුළු ලෝකයම හෙළා දැකිය යුතු “ලේ වැකි ත්‍රස්ත ප්‍රහාරයක්” බවයි.

Crocus City   ශාලාව…

එක්සත් ජනපදය, යුරෝපීය සහ අරාබි බලවතුන් සහ බොහෝ පැරණි සෝවියට් ජනරජ සාමාජිකයින් සිද්ධියෙන් කම්පනයට පත් වූහ.  ඔවුන්ගේ ශෝකය පළ කළහ. යුක්රේන ජනාධිපති උපදේශක Mykhailo Podolyak  මේ අපරාධයට කිසිදු යුක්රේන මැදිහත්වීමක් නොමැති බව තහවුරු කළේය.  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එය හැඳින්වූයේ “නීච හා බියගුලු ත්‍රස්තවාදී ප්‍රහාරයක්” ලෙසය.

ආරක්ෂක තත්ත්වය

මොස්කව් නාගරික ප්‍රදේශයේ  මිලියන 21 කට අධික ජනගහනයක් වාසය කරති. මෙම  විශාල නාගරික  ප්‍රදේශය හරහා ආරක්ෂාව තර කර තිබේ.  ගුවන් තොටුපලවල, ප්‍රවාහන මධ්‍යස්ථානවල  ආරක්ෂාව විශේෂයෙන් දැඩි කර ඇත. රට පුරා මහා පරිමාණ පොදු උත්සව සියල්ල අවලංගු කර තිබේ.

තවත් වසර හයක් සඳහා පූටින්  ජනාධිපති ධූරයට තේරී පත් වූයේ  පසුගිය ඉරිදා  (17) ය.   මේ නව දිවුරුම් දීමට ලැබුණු ප්‍රතිචාරයක් ද යන්න පිළිබඳව මතයක් ඇති වෙමින් තිබේ.  ප්‍රහාරයේ මුල් මිනිත්තුවලදී පුටින්ට දැනුම් දුන් අතර එය නිරන්තරයෙන් යාවත්කාලීන කළ  බව ක්‍රෙම්ලිනය පැවසීය.

“ජනාධිපතිවරයාට සිදුවෙමින් පවතින දේ සහ අදාළ සියලු සේවාවන් හරහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නිරන්තරයෙන් තොරතුරු ලැබේ. රාජ්‍ය නායකයා අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන්නේය,” ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.

කෙසේ වුව ද වළක්වාගත හැකිව තිබූ බව සිතෙන අනතුරු ඇඟවිම් ලැබි තිබුණු ප්‍රහාරයක් සිද්ධ වී ඇත. කොතැන හෝ බරපතල වැරදීමක් සිදුවී ඇති බව පමණක් සිතෙන්නේය. ඒ අපට පාස්කු ප්‍රහාරයේ අත් දැකීම් ඇති බැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෛත්‍රී අත් අඩංගුවට ගන්න… කාවින්ද සීඅයිඩී ගොස් පැමිණිල්ලක් කරයි!

Next Post

සති 3කට පෙර දැනගත්තේ… මේ සාක්ෂිය විවෘත අධිකරණයේ දුන්නොත් මගේ දරුපවුල් පිටින් විනාශ කරයි… විශේෂ ප්‍රකාශයක් කරමින් මෛත්‍රී කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.