අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මයිකල් ජැක්සන් එක්ක යුගල නර්තනයක යෙදෙමින්  ඔඩිසි නැටූ ශ්‍රී ලාංකික මහාචාර්යවරිය…

by editor
ජනවාරි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් යනු ලෝකයේ සංගීත ලෝලීන් විශාල පිරිසකගේ ආදරය දිනා ගැනීමට සමත්වූ දැවැන්තයෙකි.

ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ, ඔහුගේ අර්ථාන්විත ගීත නිසා පමණක් නොව ඔහුට ම ආවේණික නර්තන ශෛලිය නිසා ය.

එවන් ලෝක ප්‍රකට දැවැන්තයෙකු සමග යුගල නර්තනයක ‌යෙදීමට යමෙකුට අවස්ථාව හිමි වන්නේ නම් එය කෙතරම් භාග්‍යක් ද? ‍‍

එවන් භාග්‍යයක් උදා කර ගත් ශ්‍රී ලාංකික තරුණියක වූ යමුනා සඟරසිවම් පිළිබඳව මෙතෙක් කල් දැන සිටියේ ස්වල්ප පිරිසක් පමණක් විය හැකිය.

Black or White

ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ උපන් යමුනා සඟරසිවම් ලෝකයේ ම අවධානයට පාත්‍ර වූයේ, මයිකල් ජැක්සන්ගේ Black or White ගීතය සඳහා නිර්මාණය කළ වීඩියෝ දර්ශන පෙළිනි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එම ගීතය හරහා මයිකල් ජැක්සන් දුන් පණිවුඩය වූයේ, වර්ණ භේද වාදය, සංස්කෘතික භේද ආදිය ලෝකයෙන් තුරන් විය යුතු ය යන්න ය.

එහිදී ඔහු යමුනා සඟරසිවම් යොදා ගනිමින් ආසියානු ඔඩිසි නර්තන කලාව සහ තමන්ගේ පොප් නර්තන කලාව සම්මිශ්‍රණය කර පෙන්වන්නේ, ශෛලීන් දෙකක් එකතු වීමෙන් නිර්මාණය වන සුන්දරත්වය යි.

යමුනා සඟරසිවම් යනු කවුද?

සිංගප්පූරු ජාතික පියෙකුට සහ මැලේසියානු ජාතික මවකට දාව ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ උපත ලැබූ යමුනා සඟරසිවම්, වයස අවුරුදු 9 වන තෙක් ශ්‍රී ලංකාවේ වාසය කළා ය.

ඇය ශ්‍රී ලංකාව හැර ගොස් අමෙරිකාවේ පදිංචියට ගොස් ඇත්තේ, 9 හැවිරිදි වියේදී ය.

වයස අවුරුදු 6 පසුවෙද්දී ඇය, නර්තනය හැදෑරීමට ඇලුම් කළ අතර, මුලින් ම භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය ඉගෙනීම ආරම්භ කළා ය.

පසුව ඇය ඔඩිෂා ප්‍රාන්තයේ ඉගෙනීම් කටයුතුවල නිරත වෙමින් සිටි කාලයේදී ඔඩිසි නර්තන සම්ප්‍රදාය ප්‍රගුණ කළා ය.

ඊට අමතරව, ඇය බටහිර සංගීතය සහ දෙමළ කර්ණාටක සංගීතය ද හැදෑරී ය.

අහම්බෙන් හිමිවූ දුර්ලභ අවස්ථාව

මයිකල් ජැක්සන්ගේ ‘Black or White’ ගීතය වෙනුවෙන් නර්තනයක යෙදීමට අවස්ථාව හිමි වීම අහම්බෙන් සිදුවූවක් බව යමුනා සඟරසිවම් ඉන්දියාවේ මාධ්‍ය ආයතනයක් සමග ඔන්ලයින් ඔස්සේ කළ සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කර තිබුණේ මෙසේ ය.

“මම ඉගෙන ගත්ත කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේදි තමයි මේ ඔඩිෂන් එක ගැන දැන ගන්න ලැබුණේ. යාළුවො මට කිව්වා යමුනා අපි යනවා මයිකල් ජැක්සන්ගේ වීඩියෝ එකක නැටුම් ඔඩිෂන් එකකට, ඔයත් අපි එක්ක එන්න කියලා. මට අවශ්‍ය වුණේ නෑ ඒකට යන්න. මම නිකම් ගෙදර ගිහින් අම්මාට යි තාත්තාට යි කිව්වා ම තාත්තා හරි උත්තරයක් දුන්නෙ නෑ. අම්මා කිව්වා ඒක හොඳ අවස්ථාවක්, ඔයා අනිවාර්යයෙන් යන්න කියලා. එතනට ගියා ම මම ඉගෙන ගන්න විෂය ගැන ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. ඉතින් අන්තිමට මම ඒකට ගියා,” යමුනා සඟරසිවම් අතීතය ස්මරණය කළා ය.

නර්තන පරීක්ෂණයට සහභාගි වූ අවස්ථාවේදී තමන්ට දැනුණු හැඟීම් පිළිබඳව ද පැහැදිලි කර තිබිණි.

“ඒ අවස්ථාව ගැන කියන්න වචන නෑ. මම නිකම් වෙන ම ලෝකෙක පාවෙනවා වගේ දැනුණේ. ගොඩක් තිගැස්මක හිටියේ. ‍එතන අපව ගත්තේ කණ්ඩායම්වලට වෙන් කරලා. මම හිටියේ ආසියානු කියලා නම් කරලා තිබුණ කණ්ඩායමේ. ඒක අසාමාන්‍ය අත්දැකීමක්. මට වියට්නාම්, කාම්බෝජ, චීන ආදී ගොඩක් රටවල කලාකරුවන් මුණ ගැසුණා එතනදී. ඒ විවිධ සංස්කෘතීන්ට අයත් අයගේ ඉදිරිපත් කිරීම් දැක ගන්න මට පුළුවන් වුණා. එතකොට මම නර්තනයේ මානව විද්‍යාව හදාරමින් හිටියේ.”

එම පරීක්ෂණයට නර්තන ශිල්පිනියන් 3000කට අධික පිරිසක් ඉදිරිපත් වී සිටියහ.

ඒ සියලු දෙනා අතරින් මියුසික් වීඩියෝව සඳහා තෝරා ගනු ලැබ තිබුණේ, යමුනා ය. තමන් ඊට තෝරා ගත් බව දැන ගත් අවස්ථාවේ ඇති වූ සතුට ඇය මෙසේ පැහැදිලි කළා ය.

“එතනදී අපේ නර්තනයක් බැලුවා. සම්මුඛ සාකච්ඡාවක් කළා. ඊට පස්සේ සතියකට විතර පස්සේ මට කෝල් එකක් ආවා. කතා කරපු කෙනා කිව්වා වීඩියෝ එකේ නර්තනයට මාව තෝරා ගත්තා කියලා. එයා මට කිව්වා මේ දර්ශනයේ මයිකල් ජැක්සන් එක්ක එකට මට නටන්න තියෙන නිසා විශේෂ නර්තනයක් කියලා. මම ඉතින් කැමැත්ත ප්‍රකාශ කළා. ඉතින් මම ෆෝන් එක තියලා කෑගහලා අම්මලාට කතා කරලා කිව්වා මාව තෝරගෙන කියලා. මට දැනුණ සතුට කියන්න වචන නෑ.”

ඇය මයිකල් ජැක්සන්ගේ ප්‍රබල රසිකාවියක වූ අතර, ඔහු මුහුණට මුහුණ හමුවේ යැයි ඇය කිසි දා විශ්වාස නොකළ බව ඇය පවසා තිබේ. එහෙත්, මයිකල් ජැක්සන් සමග එක්ව නර්තනයක යෙදීමට තරම් ඇය දක්ෂ මෙන් ම වාසනාවන්ත ද වූවා ය.

රූගත කිරීම් සිදුවූ හැටි

මෙම වීඩියෝව වෙනුවෙන් මයිකල් ජැක්සන් සහ යමුනාගේ නර්තනය රූගත කෙරුණේ, ලොස් ඇන්ජලීස්හි අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමීමෙන් පසුව ය.

රූගත කිරීම් සිදු කෙරෙන අවස්ථාවේ රථවාහන ධාවනය නතර කර තිබූ අතර දර්ශන තලයට අදාළව රථවාහන කිහිපයක් ධාවනය කරවන ලදී.

මෙම රූගත කිරීම් පැය 14ක් තිස්සේ සිදු කෙරුණු අතර වීඩියෝවේ තත්පර 20ක කාලයක් එම නර්තනය සඳහා වෙන් කර තිබේ.

1991 වසරේදී එළිදක්වන ලද මෙම මියුසික් වීඩියෝව රටවල් 27ක ප්‍රදර්ශනය කෙරුණු අතර, පුද්ගලයින් මිලියන 500කට අධික පිරිසක් නරඹනු ඇතැයි විශ්වාස කෙරිණි.

අමෙරිකාවේ පදිංචි වී සිටින යමුනා සඟරසිවම් මේ වන විට එරට නාසරෙත් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස සේවය කර යි.

යමුනා සඟරසිවම් නමැති මහාචාර්යවරිය

1990 වසරේදී ඇය අමෙරිකාවේ මිනිඅපොලිස්හි මිනසෝටා විශ්වවිද්‍යාලයෙන් සංගීත විද්‍යාව සහ පියානෝ වාදනය සම්බන්ධයෙන් ප්‍රථම උපාධිය හිමි කර ගත්තා ය.

පසුව 1992 වසරේදී නර්තනය පිළිබඳ ජනවාර්ගික විද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබී ය.

මානව විද්‍යාව විෂය යටතේ ඇය දර්ශන විශාරද හෙවත් ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ, 2000 වසරේදී ය. ඒ, සයිරකියුස් විශ්වවිද්‍යාලයෙනි.

අමෙරිකාවේ පදිංචි වී සිටින යමුනා සඟරසිවම් මේ වන විට එරට නාසරෙත් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස සේවය කර යි.

ඊට අමතරව, ඇය සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව අධ්‍යයන අංශවල කාන්තා සහ ලිංගිකත්ව අධ්‍යයන පිළිබඳ උපාධි වැඩසටහනේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කරන්නී ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට!

Next Post

යුක්තිය මෙහෙයවන්නන් ඇමතිත් ඇන්දුව ද?…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.