මන්නාරම මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඩිංගි යාත්‍රාවේ තිබී සැක සහිත මත්ද්‍රව්‍ය බෑග් කිහිපයක් සොයාගෙන ඇත.
ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් මේ වන විට ගොඩබිමට ගෙන ඒම සිදු කරන බව නාවික හමුදාව පැවසීය.







