බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රීවරු 13ක් උතුරු නැගෙනහිර ප්‍රශ්න ගැන කතාකරන්න එද්දි ජනාධිපති කෝච්චි බලන්න රත්මලානෙ ගිහින්…

හිරුණිකා ගෙදර ගිය එක හරි... රාසමාණික්කම් පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
මාර්තු 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනාධිපති කියන්නෙ ඔටුන්න හිමි කුමාරය නෙමෙයි… ඡන්දෙන් පත්වුණ පුරවැසියෙක්..ආණ්ඩුවට මොකද මේ වෙලා තියෙන්නෙ… රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී ඇසූ කතාව…

ලක්ෂ 20ක් වූ උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනෙක් ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය දිනයේ ජනාධිපතිවරයා ඔවුන්ව හමු නොවී රත්මලානේ දුම්රිය බලන්නට ගොස් සිටි බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා අද ( 08) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මේ රටේ ජනාධිපතිවරයාට වැදගත් ලක්ෂ විස්සක ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමද, රත්මලානේ දුම්රිය බැලීමදැයි විමසූ මන්ත්‍රීවරයා කීවේ ජනාධිපතිවරයා යනු චන්දයෙන් පත් වී සිටින පුද්ගලයෙක් විනා ඔටුන්න හිමි කුමාරයෙක් හෝ රජකෙනෙක් නොවන බවය. එබැවින් ඔහුව හමුවීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි කාන්තා බලවේගයේ කාන්තාවන් ජනාධිපතිවරයාගේ නිවස අසලට ගිය ගමන තමන් අතිශයින්ම අගය කරන බව මන්ත්‍රීවරයා කීවේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙසේ ද පැවසුවේය.

“පෙරේදා (08) හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගිහින් කළ උද්ඝෝෂණය අපි ඉතාම අගය කරනවා. මොකද මේ රටේ ජනාධිපතිවරයා කියන්නෙත් චන්දයෙන් පත් වුණු පුද්ගලයෙක්. එයා ඔටුන්න හිමි කුමාරයවත් රජකෙනෙක්වත් නෙමෙයි. ඔවුන් ගිය එක හරි.“

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“අපිත් ගියා ජනාධිපති කාර්යාලයට ජනාධිපතිතුමා හම්බවෙන්න. එතුමා ආවෙ නෑ අපිව හම්බවෙන්න. එතුමා ඒ වෙලාවෙ රත්මලානෙ කෝච්චි බලන්න ගිහිල්ලා.“

“උතුරු නැගෙනහිර මෙන්ම කොළඹ නියෝජනය කරමින්   ලංකාවෙ පාර්ලිමේන්තුවට තේරී පතුවුණු   මන්ත්‍රීවරු 13ක්… ඔවුන් ලක්ෂ 20ක් ජනතාව නියෝජනය කරනවා… ඒ නියෝජිතයො ආවට පස්සෙ ජනාධිපතිවරයා මොනවද කරන්න ඕන. රත්මලානෙ කෝච්චි බලන එකද වැදගත්… උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකරන්න ඇවිත් ඉන්න මන්ත්‍රීවරුද වැදගත්.“

“ඒ නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගිහින් කළ ඒ උද්ඝෝෂණය මා ඉතාම අගය කරනවා. මොකද අපි දැක්කා ඒ අවස්ථාව. ඩබ්ලියු.පී.සී.ල හිටියනම් එතුමියලව පිසිකලි හරි එතන නවත්වන්න උත්සාහ කරයි. පිරිමි පොලිස් නිලධාරීන් සිටිය නිසා අත තියන්න බයට එහෙම යන්න දුන්නේ.“

“උතුරු නැගෙනහිර අපි දකිනවා ඩබ්ලියු.පී.සී.ලා දාලා කකුල් පාගලා  කාන්තාවන් නවත්වන විදිහ. ඒ නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ උද්ඝෝෂණය ඉතාම වැදගත්.  ඒ වගේම ඒ උද්ඝෝෂණයට පස්සේ එතුමියගෙ නිවස ඉදිරිපිටට ගිහින් කළ උද්ඝෝෂණය ඉතාම පහත්. පැහැදිලිව පේනවා දේශපාලන පසුබිමක් නැතිව එහෙම කරන්නෙ නෑ.“

ඒ වගේම කෝට්ටෙ මන්ත්‍රීතුමා මීට වඩා වැදගත් කියලයි හිතුවේ. ඒත් එතුමා ගිහින් බිත්තර ගහනවා සමගි ජනබලවේගයෙ කාර්යාලයට. මොකක්ද මේ පොදුජන පෙරමුණ පක්ෂයට වෙලා තියෙන්නෙ?. අද ආණ්ඩුව කරන්නේ පොදුජන පෙරමුණ ද? . සමගි ජනබලවේගය ද?.

විපක්ෂයේ ඉන්න අපි අහන්න ඕන ප්‍රශ්න ආණ්ඩු පක්ෂයෙ අය අහනවා.“

මන්ත්‍රීවරයා ඇසුවේය. ඔහු කීවේ අද කාන්තා දිනය දා තමන් ප්‍රකාශ කරන්නේ අසීමිත බාධක මැද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට එන කාන්තාවන්ට මේ පාර්ලිමේන්තුව තුළ සලකන ආකාරය තමන්ට පිළිගත නොහැකි බවය.

රෝහිණි කවිරත්න මැතිණියට අතිශය අසභ්‍ය ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ සිදුකළ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය කුමක් දැයි අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසන බව ඔහු කීවේය.

මේ වනවිට ආණ්ඩුවේ මාධ්‍ය සාකච්ඡාවල ප්‍රධානම කථිකයා වී ඇත්තේ තිස්ස කුට්ටිආරචිචි මන්ත්‍රීවරයා බවද ඔහු පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජකාරි ගිනි අවියෙන් බිරියගේ අනියම් සැමියා වෙඩි තබා මැරූ කොස්තාපල්වරයෙකුට මරණ දඬුවම…

Next Post

පවිත්‍රා දේවී… විදුලිය නොදෙන තැනට නොදේවි… දෙන තැනට දේවි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.